බංග්ලාදේශයට එරෙහිව තරග බිමට පිවිසෙන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය.

[vc_row][vc_column][vc_column_text]සංචාරක බංගලාදේශ කණ්ඩායම සමගින් පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් නම් කළ ක්‍රීඩකයන් 18දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යවරයාගේ නිර්දේශය හිමි වී ඇත. කොදෙව් ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කළ ඇන්ජිලෝ මැතිවුස් බංගලාදේශ ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් ඇතුළත් කොට ඇත.

කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වීම හේතුවෙන් කොදෙව් සංචාරයට එක් නොවූ ලහිරු කුමාර බංග්ලාදේශයට එරෙහි සංචිතයට නම් කොට ඇත. දුෂ්මන්ත චමීර පෞද්ගලික හේතුවක් මත කණ්ඩායමෙන් ඉවත් වී ඇති අතර ඒ වෙනුවට දිල්ෂාන් මදුශංකට ශ්‍රී ලංකා සංචිතයේ දොරටු විවර වී ඇත.

ආබාධයකට ලක්වූ වමත් දගපන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය වෙනුවට යොවුන් දගපන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම පළමු වරට ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කොට ඇත. දෙරට අතර පළමු ටෙස්ට් තරගය එළඹෙන අප්‍රේල් මස 21වනදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

ක්‍රීඩා අමාත්‍යවරයාගේ නිර්දේශය හිමිවූ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය

දිමුත් කරුණාරත්න (නායක)
ලහිරු තිරිමාන්න
දිනේෂ් චන්දිමාල්
දසුන් ශානක
පැතුම් නිශ්ශංක
ඕෂධ ප්‍රනාන්දු
ඇන්ජිලෝ මැතිවුස්
නිරෝෂන් දික්වැල්ල
රමේෂ් මෙන්ඩිස්
විශ්ව ප්‍රනාන්දු
සුරංග ලක්මාල්
රොෂේන් සිල්වා
ධනංජය සිල්වා
වනිදු හසරංග
දිල්ෂාන් මදුශංක
ප්‍රවීන් ජයවික්‍රම
ලහිරු කුමාර
අසිත ප්‍රනාන්දු

සටහන – Cree-da Sports Network[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top