බාර්බඩෝස් ට්‍රයිඩෙන්ට්ස් කණ්ඩායම කැරිබියන් ප්‍රිමියර් ලීග් ශූරතාවය දිනා ගනී.

[vc_row][vc_column][vc_column_text]ප්‍රභල ගයානා ඇමසන් වෝරියස් කණ්ඩායම ළකුණු 27කින් පරාජයට පත්කොට කැරීබියන් ප්‍රිමියර් ලීග් ශූරතාවය දිනා ගැනීමට ජේසන් හෝල්ඩර් ප්‍රමුඛ බාර්බඩෝස් ට්‍රයිඩෙන්ට්ස් කණ්ඩායම අද සමත්විය.කාසියේ වාසිය දිනාගත් ට්‍රයිඩෙන්ට්ස් නායක හෝල්ඩර් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය  පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 6ක් බිදවැටී ළකුණු 171ක් ලබාගැනීමට සමත්විය..වරෙක කඩුලු 6ක් ලකුණු 108ක් තුළ බිඳ වැටී තිබූ මොහොතක පිටියට එක්වූ ජොනතන් කාටර් හා ඈශ්ලි නර්ස් අවසන් පන්දුවාර 5 තුළදී නොබිදුනු ළකුණු 63ක සම්බන්ධතාවක් 7 වන කඩුල්ල වෙනුවෙන් එක්කොට ගෞරවාන්විත ළකුණු සංඛ්‍යාවක් කරා තම කණ්ඩායම රැගෙන යා දී විශිෂ්ඨ  පිතිහරඹයක නිරතවූ කාටර් පන්දු 27ක් තුළ හයේ පහර 4ක් හා හතරේ පහර 4ක් සමඟින් ළකුණු 50ක් ලබා ගැනීමට සමත්විය..

පිළිතුරු ඉණිම ආරම්භ කළ ගයානා ඇමසන් වෝරියස්  කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9ක් බිදවැටී ලකුණු 144ක් පමණක් ලබා ගැනීමට සමත්විය.. වෝරියස් කණ්ඩායම වෙනුවෙන් සාර්ථක වූ එකම පිතිකරු වූ බ්‍රෙන්ඩන් කින් ළකුණු 43ක් ලබා ගැනීමට සමත්විය.. ට්‍රයිඩෙන්ට්ස් කණ්ඩායම වෙනුවෙන් රෙමෝන් රයිෆල් කඩුලු 4ක් හා ඈශ්ලි නර්ස් කඩුලු 2ක් ලබා ගන්නා ලදි.

මෙම පරාජය වෝරියස් කණ්ඩායම මෙවර තරගාවලියේ ලද ප්‍රථම පරාජය වන අතර එය අවසන් තරගයේදීම ලැබීම ඔවුන්ගේ අවාසනාව විය..ඔවුන් මෙම තරඟාවලියේදී නොකඩවා තරග 11 ක් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබුණි..

මෙම පරාජයත් සමගින් ගයානා ඇමසන් වෝරියස් කණ්ඩායම පස්වන වරටත් කැරීබියන් ප්‍රිමියර් ලීග් අනුශූරතාවය දිනාගත් අතර බාර්බඩෝස් ට්‍රයිඩෙන්ට්ස් කණ්ඩායම දෙවන වරටත් කැරීබියන් ප්‍රිමියර් ලීග් කිරුළ දිනා ගන්නා ලදි.

තරගයේ වීරයා සම්මානය ජොනතන් කාටර් දිනා ගත් අතර තරගාවලියේ වීරයා බවට හේඩින් වෝල්ෂ් සම්මානයට පාත්‍ර විය..

බාර්බඩෝස් ට්‍රයිඩෙන්ට්ස්  171 – 6 (20) ජොනතන් කාටර් 50 ,  ජොන්සන් චාල්ස් 39. ඉම්රාන් තාහීර් 1 – 24 , බෙන් ලාෆ්ලීන් 1 – 28

ගයානා ඇමසන් වෝරියස් 144 -9 (20) බ්‍රෙන්ඩර් කින් 43 , නිකලස් පූරන් 24. රේමෝන් රයිෆල් 4 -24

චානක මධුසාගර[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top