යුද හමුදාව පැරදූ රාගම අවසන් මහ තරගයට

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (10 දා) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී යුද හමුදා පිලට එරෙහිව කඩුලු 8 ක විශිෂ්ඨ ජයක් ලද රාගම ක්‍රීඩා සමාජය ලබන ඉරිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත්වූවේය.

එන්.සී.සී. පිටියේ පැවැති මෙම තරගයේදී ලකුණු 179 ක පහසු ඉලක්කයක් හඹා ගිය රාගම ක්‍රීඩා සමාජය පන්දුවාර 39.2 ක් ඉතිරිව තිබියදී ජයග්‍රහණය වාර්තා කරන ලද්දේ කඩුලු 2 ක් පමණක් ප්‍රතිවාදීන් හමුවේ ලබා දෙමිනි.

රාගම කණ්ඩායම වෙනුවෙන් සුවිශේෂී ඉනිමක් ක්‍රීඩා කළ සමින්ද ප්‍රනාන්නදු ලකුණක් ලබා ගැනීමට යෑමේදී ශතකය අහිමි කර ගත්තේ ලකුණු 99 ක් ලබා සිටියදීය. පන්දු 145 කදී වාර්තා වුණු එම ඉනිමට සමින්ද හයේ පහරක් සහ හතරේ පහර 6 ක් එල්ල කර තිබුණේය. ඔහුට අනගි සහායක් ලබා දුන් නිශාන් මදුෂ්ක ලකුණු 34 ක් සහ දිනෙත් තිමෝද්‍ය නොදැවී ලකුණු 22 ක් ලබා ගත්හ.

කාසියේ වාසියත් සමඟ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් යුද හමුදා කණ්ඩායම මේ පළමු කඩුලු 4 ම ලකුණු 45 කදී බිඳ හෙළීමට ඉෂාන් ජයරත්න ප්‍රමුඛ රාගම පන්දු යවන්නෝ සමත්වූහ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් අවසන් වරට පැවැති අන්තර් සමාජ පන්දුවාර විස්සයි-20 තරගාවලියේදී දක්ෂතම පන්දු යවන්නා ලෙසින් සම්මාන දිනාගත් ඉෂාන් ජයරත්න යුද හමුදා කණ්ඩායමේ බලාපොරොත්තු බිඳ දමන ලද්දේ ලකුණු 31 කට කඩුලු 5 ක් දවා ගනිමිනි. ඔහුට අමතරව බිනුර ප්‍රනාද්දු ලකුණු 30 කට කඩුලු 3 ක් දවා ගනිමින් යුද හමුදා කණ්ඩායම අසීරුතාවයට බිඳ හෙළීය.

ලකුණු 31 කට කඩුලු 5 ක් දවා ගත් ඉෂාන් ජයරත්න

රාගම පන්දු යවන්නන්ගේ ග්‍රහණය හමුවේ පන්දුවට පහර දුන් යුද හමුදා පිතිකරුවන් අතරින් නායක තිසර පෙරේරා සහ හිමාෂ ලියනගේ ලකුණු 45 බැගින් රැස් කළහ. හතරේ පහර 6 ක් සහිතව තිසර පෙරේරා පන්දු 32 කදී එම ලකුණු සංඛ්‍යාව රැස් කරද්දී හිමාෂ ඒ සඳහා පන්දු 74 ක් වැය කළේය.

යුද හමුදාව පන්දුවාර 46.3 කදී සියලු දෙනා දැවී ලකුණු 178 යි – (තිසර පෙරේරා 45, හිමාෂ ලියනගේ 45, මහේෂ් කුමාර 26, දුෂාන් විමුක්ති 23, අසේල ගුණරත්න 15, ඉෂාන් ජයරත්න 31/5, බිනුර ප්‍රනාන්දු 30/3)

රාගම පන්දුවාර 39.2 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 179 යි – (සමින්ද ප්‍රනාන්දු 99, නිශාන් මදුෂ්ක 34, දිනෙත් තිමෝද්‍ය 33*)[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top