රන් පදක්කමක බලාපොරොත්තු ඇති දකුණු ආසියානු ක්‍රීඩා උළලේ ක්‍රිකට් තරග පැවැත්වෙන ආකාරය.

[vc_row][vc_column][vc_column_text]13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නැත්නම් සාෆ් ක්‍රීඩා උළෙල ලබන මස 1 වනදා සිට 10 වනදා දක්වා නේපාලයේ කත්මණ්ඩු නුවර කේන්ද්‍ර කොටගෙන පැවැත්වෙනවා. මේ වන විට ශ්‍රී ලාංකික හැමෝගෙම අවධානය දිනාගත් තරග ඉසව්වක් තමයි දකුණු ආසියානු ක්‍රීඩා උළලේ ක්‍රිකට් තරගාවලිය. මේ ඒ පිළිබඳව.

ක්‍රිකට් තරගාවලිය කාන්තා හා පිරිමි යන අංශ දෙකෙන්ම පැවැත්වෙන අතර මෙයට සහභාගී වන්නේ වයස අවුරුදු 23න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්.තරගාවලිය පැවැත්වෙන්නේ විස්සයි විස්ස තරග ආකෘතියක් ලෙසටයි. ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම චරිත් අසලංක විසින්ද කාන්තා කණ්ඩායම හර්ෂිතා මාධවී විසින්ද මෙහෙයවනු ලබනවා.

පිරිමි හා කාන්තා ඉසව්වන් සදහා ඉන්දියාව හා පාකිස්තානය සිය කණ්ඩායම් ඉදිරිපත් නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කම් දෙකක් දිනා ගැනීමේ වැඩි අවස්ථාවක් තිබුණද නේපාලය, භූතානය හා මාලදිවයිනට ජේෂ්ඨ කණ්ඩායම් ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් හිමිව තිබෙනවා.මේ අනුව යම් තරගකාරී ක්‍රිකට් තරගාවලියක් පැවැත්වෙනු නොවනුමානයි.. විශේෂයෙන්ම සත්කාරක නේපාලය පෙරළියක් කළ හැකි කණ්ඩායමක් නිසා මෙහි තරගාකාරීත්වය ත්‍රිව කරවීමට සමත්ව තිබෙනවා.
තරග පැවැත්වෙන්නේ නේපාලයේ කත්මණ්ඩු නුවර ත්‍රිබූවින් විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේ දීය. ක්‍රිකට් තරගාවලියයට සහභාගී වන රටවල් පහ අතරින් මුල් ස්ථාන දෙක දිනා ගන්නා කණ්ඩායම් දෙක රන් පදක්කම හා රිදී පදක්කම වෙනුවෙන් තරග වදින අතර තුන්වන ස්ථානය හා සිව්වන ස්ථානය දිනා ගන්නා කණ්ඩායම් දෙක අතර තරගය ජයගන්නා කණ්ඩායමට ලෝකඩ පදක්කම හිමිවෙනවා..

තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා පිරිමි හා කාන්තා කණ්ඩායම් හා තරග කාලසටහන පහත දැක්වේ

ශ්‍රී ලංකා අවුරුදු 23 න් පහළ පිරිමි කණ්ඩායම – චරිත් අසලංක (නායක), කමිඳු මෙන්ඩිස් (උප නායක), පැතුම් නිස්සංක, හසිත බෝයගොඩ, විශ්ව චතුරංග, අෂේන් බණ්ඩාර, ශම්මු අශාන්, නිශාන් මදුශ්ක, ජෙහාන් ඩැනියල්, අසිත ප්‍රනාන්දු, කලන පෙරේරා, නිශාන් පීරිස්, දුවිඳු තිලකරත්න, සචිඳු කොළඹගේ, කනිෂ්ක අංජුල.

ශ්‍රී ලංකා කාන්තා නැගී එන පිල – හර්ෂිතා මාදවී (නායිකා), කවීශා දිල්හාරි (උප නායිකා), සත්‍යා සංදීපනී, උමාෂා තිමේශිනී, තාරිකා සෙව්වන්දි, ලිහිණි අප්සරා, ජිමන්ජලී විජේනායක, සචිනි නිසංසලා, නිලක්ෂනා සඳමිනී, ශයන ඕෂධී, මල්ෂා රණතුංග, තාරුකා ෂෙහානි, ශිකාරා නුවන්තා, සචිනි ද සිල්වා, ජනදි අනාලි

2019 South Asian Games (Men’s Cricket) Schedule (Local Timings)

03rd Dec 2019: Nepal vs Sri Lanka U23 @11:00am

04th Dec 2019: Bangladesh U23 vs Maldives @9:00am ; Sri Lanka U23 vs Bhutan @1:00pm

05th Dec 2019: Nepal vs Bhutan @9:00am ; Maldives vs Sri Lanka U23 @1:00pm

06th Dec 2019: Bangladesh U23 vs Bhutan @9:00am ; Maldives vs Nepal @1:00pm

07th Dec 2019: Nepal vs Bangladesh U23 @11:00am

08th Dec 2019: Bangladesh U23 vs Sri Lanka U23 @9:00am ; Maldives vs Bhutan @1:00pm

09th Dec 2019: Bronze Medal Play-off (3rd/4th) @11:00am

10th Dec 2019: Gold Medal (Final) @11:00am

– චානක මධුසාගර –

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top