රවිදු ලක්සිරි අඛණ්ඩව 11 වන වරටත් ජාතික ස්කොෂ් ශූරයා ලෙසින් කිරුලු පළදියි

43 වන ජාතික ජ්‍යෙෂ්ඨ ස්කොෂ් තරගාවලිය පසුගිය දා ගුවන් හමුදා ස්කොෂ් ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්විණි. මෙවර තරගාවලියේ ද පිරිමි කේවල අංශයේ ශූරතාවය දිනාගැනීමට හිටපු DS සේනානායක විද්‍යාලයීය ක්‍රීඩක රවිදු ලක්සිරි සමත් විය. රවිදු ලක්සිරි ජාතික ස්කොෂ් ශූරයා ලෙසින් කිරුලු දැරුවේ පිට පිට 11වන වරටය.

ජාත්‍යන්තර ස්කොෂ් ශ්‍රේණිගතකිරීම් හි 140වන ස්ථානයේ රැඳෙන රවිදු ලක්සිරි හමුවේ අවසන් මහා තරගයේදී පරාජයට පත් වූයේ ෂමිල් වකීල් ය. අවසන් මහා තරගයේ තරග වට 3-0ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට රවිදු ලක්සිරි සමත් වද්දී ලකුණු පුවරුව දිස්වූයේ 12-10ක්, 11-3ක් හා 14-12ක් ලෙසිනි.

කාන්තා විවෘත අංශයේ ශූරතාවය දිනාගැනීමට හිටපු විශාඛා විද්‍යාලයීය ක්‍රීඩිකා යෙහානි කුරුප්පු සමත් විය. ඇය හමුවේ අවසන් මහා තරගයේදී පරාජයට පත් වූයේ දෙවරක් ජාතික ශූරිය බවට පත් වූ චනිත්මා සිනාලි ක්‍රීඩිකාවයි.

Back To Top