රාහුල්ගෙන් වෙල්ලාට අනතුරු ඇඟවීමක්.

[vc_row][vc_column][vc_column_text]

මීළග වතාවේදී දුනිත් වෙල්ලාලගේට එරෙහිව ක්‍රීඩා කරන විටදී වෙනස් ප්‍රවේශයක් ලබාගැනීමට කටයුතු කරන බව ඉන්දීය කඩුලු රකින ක්‍රීඩක ලෝකේෂ් රාහුල් පවසා ඇත. ඊයේ තරගයේ දී දුනිත් ලබාගත් රිද්මය එලෙසින් ම පවත්වාගෙන යාමට ඉන්දීය පිතිකරුවන් ඉඩ ලබා නොදෙන බවත් වෙල්ලාලට එරෙහිව ක්‍රීඩා කිරීමට ඔවුන් කැමති බවත් රාහුල් සඳහන් කොට ඇත.

ආසියානු කුසලාන සුපිරි කණ්ඩායම් අතර වටයේ ඊයේ පැවති තරගයේ දී ඉන්දීය පිතිකරණ බළඇණිය අසරණ කරමින් සිය හොදම එක්දින පන්දු යැවීම වාර්තා කළ දුනිත් වෙල්ලාලගේ ලකුණු 40කට කඩුලු 5ක් බිදහෙලීය. එමෙන්ම මීළඟ තරගයේදී වෙල්ලාලගේට එරෙහිව ක්‍රීඩා කරන විට පිතිකරණ අනුපිළිවෙල තව දුරටත් ආක්‍රමණශීලී විය යුතු බව ද රාහුල් සඳහන් කොට ඇත.

” මම ක්‍රීඩා කරන සමයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි භානක පන්දු යවන්නා ඔහුයි. තව මං මොනවා කියන්නද. ඔව් අපේ මුල් පෙළ පිතිකරුවන් පස්දෙනාම දවාගත්තා. ඒක ඔහුට හොඳ දවසක්. ඒ වගේම ඔහු පිත්තෙනුත් හොඳින් දස්කම් දැක්වූවා. ඊළඟ පාර අපි ඔහුට එරෙහිව ක්‍රීඩා කරන විට මීට වඩා ආක්‍රමණශීලී වෙයි.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top