[vc_row][vc_column][vc_column_text]2020 IPL තරඟාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසිය අද දින කණ්ඩායම් කළමනාකාරුවන්, කණ්ඩායම් පුහුණුකරුවන් සහ තරඟ සංවිධායකවරුන්ගේ සහභාගීත්වයෙන් කොල්කටා හිදී පැවත්විනි!
ක්‍රීඩකයන් 300කට අධික ප්‍රමාණයක් වෙන්දේසිය සඳහා සහභාගී වූ අතර ඉන් ක්‍රීඩකයන් 50කට අධික ප්‍රමාණයක් කණ්ඩායම් අට සඳහාමිලදී ගත්තේය
ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 14ක් අතුරින් වෙන්දේසියේ අලෙවි වූ එකම ක්‍රීඩකයා වූයේ ඉසුරු උදාන පමණි. ඒ ඉන්දීය රුපියල් ලක්ශ 50කට විරාට්කෝලි නායකත්වය දරන RCB කණ්ඩායමටය.
ඒ අනුව එලඹෙන IPL තරඟවාරයේ ලසිත් මාලිංග සහ ඉසුරු උදාන පිලිවෙලින් මුම්බායි ඉන්දියන්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්කණ්ඩායම් නියෝජනය කිරීමට නියමිතය.
ක්‍රීඩක වෙන්දේසියේදී වැඩි වශයෙන් ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන් මිලදී ගැනීමට කණ්ඩායම් අයිතිකරුවන් උත්සාහ කල අතර මෙවරවෙන්දේසියේ ඉහලම වටිනාකමක් හිමි වූයේ ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස්ටය.
එය ඉන්දීය කෝටි 15.75කි.
IPL ක්‍රීඩක වෙන්දේසියකදී ක්‍රීඩකයෙක් අලෙවි වූ ඉහලම වටිනාකමද එය වේ.
වෙන්දේසියේ අලෙවි වූ අනෙක් ක්‍රීඩකයන් සහ වටිනාකම්.
ක්‍රිස් ලයින් – ඉන්දීය කෝටි 2 ( මුම්බායි ඉන්දියන්ස්)
ඔයින් මෝගන් – ඉන්දීය කෝටි 5.25 ( කොල්කටා නයිට් රයිඩර්ස්)
පැට් කමින්ස් – ඉන්දීය කෝටි 15.75 ( කොල්කටා නයිට් රයිඩර්ස්)
ග්ලෙන් මැක්ස්වෙල් – ඉන්දීය කෝටි 10.75 ( කින්ග්ස් එලවන් පන්ජාබ්)
සැම් කරන් – ඉන්දීය කෝටි 5.5 ( චෙන්නායි සුපර් කින්ග්ස්)
ක්‍රිස් මොරිස් – ඉන්දීය කෝටි 10 ( රෝයල් චැලන්ජර්ස් බැංගලෝර්)
ශෙල්ඩන් කොට්රල් – ඉන්දීය කෝටි 8.45 ( කින්ග්ස් එලවන් පන්ජාබ්)
ආරන් ෆින්ච් – කෝටි 4.4 ( රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් )
පියුශ් චව්ලා – කෝටි 6.75 ( චෙන්නායි සුපර් කිංග්ස්)
ශිම්රන් හෙට්මයර් – කෝටි 7.75 ( දිල්ලි කැපිටල්ස්)
ජෝශ් හැස්ල්වුඩ් – කෝටි 2 ( චෙන්නායි සුපර් කිංග්ස්)
මිචෙල් මාශ් – කෝටි 2 ( සන්රයිසස් හයිද්‍රබාද්)
ක්‍රිස් ජෝඩන් – කෝටි 3 ( කින්ග්ස් එලවන් පන්ජාබ්)
ඩේල් ස්ටේන් – කෝටි 2 ( රෝයල් චැලන්ජර්ස් බැංගලෝර්)
ඇන්ඩෘ ටයි – කෝටි 1 ( රාජස්ථාන් රෝයල්ස්)
ඩේවිඩ් මිලර් – ලක්ශ 75 ( රාජස්ථාන් රෝයල්ස්)[/vc_column_text][/vc_column][/vc_row]