ලංකා T10 තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියත් කල්දමයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ටී10 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය එළඹෙන නොවැම්බර් මස 10 වනදා පැවැත් වීමට නියමිතව තිබුණි. නමුත් එය නොවැම්බර් මස 24 වැනිදා දක්වා කල්දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් තීරණය කොට ඇති බවට තොරතුරු වාර්තා වී ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට මේ වන විට එල්ල වී ඇති බලපෑම් හේතුවෙන් ක්‍රීඩක වෙන්දේසිය කල්දැමීමට පියවර ගෙන ඇති බවට වාර්තා වෙයි. T10 තරගාවලිය එළඹෙන දෙසැම්බර් මස 12 වනදා සිට 23 වනදා තෙක් පැවැත්වීමට නියමිතය.

Back To Top