ලංකා ප්‍රිමියර් ලීග් ආරම්භක දිනය වෙනස්වේ

[vc_row][vc_column][vc_column_text]රජයේ සෞඛ්‍ය රෙගුලාසි වලට අනුව සහභාගී වන ක්‍රීඩකයින්ට ‘නිරෝධායන අවශ්‍යතා’ සපුරාලීමට ප්‍රමාණවත් කාලයක් ඇති බව සහතික කිරීම සඳහා ‘ලංකා ප්‍රිමියර් ලීග්’ (LPL) ආරම්භක දිනය නැවත සකස් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) තීරණය කොට ඇත.

ඒ අනුව 2020 නොවැම්බර් 14 වන දින ආරම්භ කිරීමට නියමිතව තිබූ එල්පීඑල් ආරම්භ වන්නේ 2020 නොවැම්බර් මස 21 වෙනිදින දක්වා කල් දැමීමට තීරණය කොට ඇත.

නිරෝධායන අවශ්‍යතා සපුරාලීම සඳහා අවකාශය නිර්මාණය කරන අතරම, ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) සඳහා සහභාගී වන ක්‍රීඩකයින්ට එල්පීඑල් වෙත පිවිසීමට අවස්ථාවක් ලබා දීම ද මෙම පියවරේ අරමුණයි.

එල්පීඑල් ආරම්භක දිනය සකස් කිරීම අයිපීඑල් හි ක්‍රීඩා කරන ක්‍රීඩකයින්ට එල්පීඑල් වෙත යාමට ප්‍රමාණවත් කාලයක් ලබා දෙයි.

“නොවැම්බර් 10 වනදා දක්වා අයි.පී.එල්. ඉදිරියට යන බැවින්, අයි.පී.එල්. තරගාවලියට සහභාගී වන ක්‍රීඩකයින්ට යම් ඉඩක් තබා ගැනීමට අපි සිතුවෙමු. එල්.පී.එල්. තරගාවලියට සහභාගී වීමට කැමති අයි.පී.එල්. ක්‍රීඩකයන් හට නිරෝධායන වීමට අවශ්‍යය කාලය ගැන හිතා මෙම තීරණයට අපි ආවා.” රවින් වික්‍රමරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

ඒ අනුව, ඔක්තෝබර් 01 වන දින පැවැත්වීමට නියමිතව තිබූ එල්පීඑල් හි ක්‍රීඩකයන් වෙන්දේසිය ‘ප්ලේයර් ඩ්‍රැෆ්ට්’ දැන් ඔක්තෝබර් 09 දක්වා මාරු කර ඇත.

ලංකා ප්‍රිමියර් ලීගය ෆ්‍රැන්චයිස් පහකින් සමන්විත වන අතර සෑම ක්‍රීඩකයෙකුටම ජාත්‍යන්තර ක්‍රීඩකයින් හය දෙනෙකු දක්වා මිලදී ගත හැකිය.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top