ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක රෆායල් නඩාල් අර්ධ අවසන් පූර්ව වටයට

[vc_row][vc_column][vc_column_text]2020 වසරේ පළමු ග්‍රෑන්ඩ්ස්ලෑම් ටෙනිස් තරගාවලිය වන ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හිදී මේ දිනවල පැවැත්වෙනවා. ඒ ලොව සුපිරිතම ටෙනිස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන්.

ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් තරගාවලියේ සිව්වැනි වටයේ තරගයේදී ඔස්ට්‍රේලියාවේ නික් කර්ගිසෝයි සමග තරග වැදුණා. එම තරගයේ පළමු වටය නඩාල් ජය ගත්තේ ලකුණු 6 ට 3 ක් ලෙසයි. නමුත් තරගයේ දෙවැනි වටය ලකුණු 6 ට 3 ක් ලෙස රෆායල් නඩාල් පරාජයට පත් වුණා.

කෙසේ වෙතත් තරගයේ තෙවැනි සහ සිව්වැනි වට ජය ගත්තේ රෆායල් නඩාල්. එම වටවල ලකුණු තත්ත්වය දැක්වුණේ 7 ට 6 ක් සහ 7ට 6 ක් ලෙස. ඒ අනුව ඔහු තරගය වට 3 ට 1 ක් ලෙස ජය ගනිමින් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා. ඔහු ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ 12 වැනි අවස්ථාව මෙයයි.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top