කොවිඩ් 19 වෛරස් ව්‍යාප්තියෙන් අසරණ වූ පවුල් සදහා ක්‍රිකට් ක්‍රීඩකයින් දිරියක් වෙයි.

[vc_row][vc_column][vc_column_text]ලොව පුරා පැතිර යන කොවිඩ් 19 වෛරසය මේ වන විට ශ්‍රී ලංකාවටද දැඩි තර්ජනයක් වී අවසන්. එහි ව්‍යාප්තිය පාලනය කිරීම සදහා රජය ශ්‍රී ලංකාවටම බලපැවැත්වෙන පරිදි ඇදිරිනීතිය පැනවීමට තීරණය කළේ පසුගිය 20 වැනිදායි.

මේ වන විට කොළඹ , ගම්පහ, කළුතර, මහනුවර , පුත්තලම සහ යාපනය යන දිස්ත්‍රික් සදහා නැවත දැනුම් දෙන තුරු ඇදිරි නීතිය පනවා ඇත්තේ අධි අවදානම් කලාප ලෙස නම් කරමින්. සෙසු දිස්ත්‍රික් සදහා විටින් විට ඇදිරි නීතිය ලිහිල් කරනු ලබන්නේ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආදිය ලබා ගැනීම සදහායි.

කෙසේ වෙතත් අඩු ආදායම් ලාභින් සහ දිනපතා රැකියාවේ නිරත වෙමින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගන්නා පුද්ගලයින් ඇදිරි නීති කාලයේ දැඩි අපහසුතාවයන්ට පත්ව තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් ක්‍රීඩකයින් මෙන්ම හිටපු ක්‍රීඩකයින්ද අපහසුතාවයන්ට පත්ව ඇති පුද්ගලයින් හට දිරියක් වීමට ඉදිරිපත්වුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු මෙන්ම වත්මන් කණ්ඩායමේ ක්‍රීඩකයෙක්ට වන දිනේෂ් චන්දිමාල් අද කොස්වත්ත ප්‍රදේශයේ පවුල් 60 ක් සදහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කර තිබෙනවා. ඒ ඔහු ගේ පෞද්ගලික ධනයෙන්.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්ද මෙවැනි කාර්යයකට දායක වුණා. සුරංග ලක්මාල් ඔහුගේ ක්‍රීඩා සමාජය වන ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය සමග එක්ව අනුරාධපුර දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභී පවුල් සදහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදී දී තිබෙනවා. ඔවුන් මෙලෙස පවුල් 450 කට පමණ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දී තිබීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයින් වන කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන සහ හිටපු සුපිරි දග පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ද අත්‍යවශ්‍යම මොහොතේ ඉදිරියට පැමිණ අඩු අදායම් ලාභී පවුල් සදහා දිරියක් වී තිබෙනවා.

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top