ලෝක කුසලාන සංචිතයෙන් විසිවූ ලබුශේන්ග් කැන්ගරු අභිමානය රැක ගනී.

[vc_row][vc_column][vc_column_text]ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරයට අදාළ එක්දින තරඟාවලියේ පළමු තරගයේ ඊයේ පැවැත්වුණා. තරගයේ කාසිය වාසිය දිනු ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමුව පන්දු යැවීම තෝරා ගත්තා. නමුත් දකුණු අප්‍රිකානු පිතිකරුවන්ට සබඳතා ගොඩනැඟීම සඳහා ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් ඉඩකඩ ලබා නොදුන්හ. ඒ අනුව පන්දුවාර හතළිස් නවයක් අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී දකුණු අප්‍රිකානු කණ්ඩායම රැස්කළේ ලකුණු 222 පමණි.

දකුණු අප්‍රිකා කණ්ඩායම වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩාකළ ටෙම්බා බවුමා පන්දු 142 කදී හතරේ පහර දාහතරක් හා හයේ පහරක් සමගින් ලකුණු 114 ක් රැස්කිරීමට සමත්වුණා. මාර්කෝ ජන්සෙන් ලකුණු 32ක් හා ඒඩ්න් මක්‍රම් ලකුණු 19ක් ‍දකුණුඅප්‍රිකා ඉනීමට එක් කළා. දකුණු අප්‍රිකානු පිතිකරුවන් පස් දෙනකු ම ලකුණු පහකට අඩුවෙන් දවා ගන්නට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට හැකි වුණා. පන්දු යැවීමේදී හැස්ල්වුඩ් ලකුණු 41ට කඩුලු 3ක්ද ස්ටෝනිස් ලකුණු 20ට කඩුලු 2ක්ද බිදහෙලුවා.
පහසු ඉලක්කය හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසෙන ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඩේවොඩ් වෝනර් ලකුණු රැස් කිරීමට පෙරාතුව ක්‍රීඩාගාරයට හරවා යවන්නට ජන්සෙන්ට හැකිවුණා. ආරම්භක පිතිකරු ට්‍රැවිස් හෙඩ් ලකුණු 28ක් ද මිචෙල් මාෂ් ලකුණු 17ක්ද රැස්කළා. කැමරන් ග්‍රීන් පන්දුවක් හිසේ වැදීමෙන් ආබාධයට ලක්වූ අතර ඔහු ක්‍රීඩා පිටියෙන් ඉවත් වීමට තීරණය කළා. ඔහු වෙනුවට ආදේශක ක්‍රීඩකයා ලෙසින් කණ්ඩායම එක්වූයේ ඊයේ දිනයේ ජයග්‍රාහී මාවතට ඕස්ට්‍රේලියානු පිළ රැගෙන ගිය මානස් ලබුශේන්ග්.

ප්‍රබල ක්‍රීඩකයන් සියලු දෙනාම එකා පසුපස එකා දැවී යද්දී වරෙක ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව කඩුලු 7කට ලකුණු 113ක් ලෙසින් දිස් වුණා. නමුත් පිටියේ එක්වන මානස් හා ඇෂ්ටන් ආගර් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ නොදැවුණු ශතක සම්බන්ධතාවක් ගොඩනගමින්. ඒ අනුව ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙම තරගය පන්දු 58ක් ඉතිරිව තිබියදී ජයග්‍රහණය කරේ කඩුලු 7ක් දැවී තිබියදී ය. ලෝක කුසලාන සංචිතයටවත් ඇතුළත් නොකළ ලබුශේන්ග් පන්දු 93කදී හතරේ පහර 8ක් සමගින් අති විශිෂ්ට ඉනීමක් ක්‍රීඩා කළේ නොදැවී ලකුණු 80ක් රැස්කරමින්. ඔහුට අගනා සහායක් ලබාදුන් ආගර් පන්දු 69 කදී හතරේ පහර තුනක් හා හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 48ක් රැස් කිරීමට සමත් වුණා. තරගයේ වීරයා ලෙසින් ආදේශක ක්‍රීඩකයෙකු ලෙසින් පැමිණ ඕස්ට්‍රේලියානු පිල ජයග්‍රහණය කරා රැගෙන ගිය මානස් ලබුශේන්ග් සම්මානයට පාත්‍ර වුණා.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top