Headline
#INDvSL |Sri Lanka Vs India 2nd Test Day 2 Photo’s
‍‍ජාතික ලීග් කාන්තා බේස් බෝල් තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකා යුද හමුදාවට
තේරීම් කමිටුවෙන් පුහුණුකරු ධූරයට මාරු වූ දිල්රුවන්
ශාරුජන් ශංමුගනාදන් අගනා ශතකයක්
වයස අවුරුදු 19 න් පහළ බාලක ශූරතාව හිමිකර ගැනීමට රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයට
ශ්‍රී ලංකාව පරදා දකුණු අප්‍රිකාව ට පළමු තරගය පහසු ජයක්
තුන්වැනි එක් දින තරගය ජය ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහළ ක්‍රිකට් කණ්ඩායමට
පොදු රාජ්‍ය මණ්ඩලයීය කරාතේ තරගාවලියේදී රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම්
ඩර්බන්හි කිංග්ස් මීඩ් ක්‍රීඩාංගනයේදී පිතිකරුවන් අසරණ වෙයි
ආයතන තුළ සිදුවන වංචා, දූෂණ කෙළින්ම අපිට කියන්න – ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ

වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතය නම් කරයි

[vc_row][vc_column][vc_column_text]එළඹෙන 17 වනදා ද.අප්‍රිකාවේදී ආරම්භ වන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය අද ප්‍රකාශයට පත්කොට තිබෙනවා. 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි වෙන්නප්පුව ජෝෂප් වාස් විදුහලේ නිපුන් ධනංජය විසින් හොඹවනු ලබයි.

ඔහු සමගින් කමිල් මිශාර , අහන් වික්‍රමසිංහ හා අශේන් ඩැනියෙල් ද ශ්‍රී ලංකා සංචිතය නියෝජනය කරන ක්‍රීඩකයන් අතර සිටී.
ආබාධයක් හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය අහිමිවූ හුංගම විජයබා විදුහලේ ඩ්ල්ශාන් මධුසංඛ නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමට පැමිණ ඇත.

පේරාදෙණිය රණබිම විදුහලේ ආදිශිෂ්‍ය හා වත්මන් නුවර ත්‍රිත්ව විද්‍යාලයේ ක්‍රීඩක මතීෂ පතිරණද ප්‍රබල ශ්‍රී ලංකා සංචිතය නියෝජනය කරනු ලබයි.

කෙසේ නමුත් ශාන්ත තෝමස් විද්‍යාලයේ යසිරු රොද්‍රිු හා මාරිස්ටෙලා විද්‍යාලයේ නවීන් ප්‍රනාන්දු හට ශ්‍රී ලංකා යොවුන් සංචිතයේ ඉඩකඩක් වෙන්ව නොමැත.

ඩිල්ශාන් මදුසංක , තවීශ අභිෂේක් , මොහොමඩ් ශමාස් හා මතීස පතිරණ එසෙල ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වන විට චාමිදු වික්‍රමසිංහ , යසිරු රුද්‍රිගු , ලක්ශාන් ගමගේ හා නවීන් ප්‍රනාන්දු ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවතට ගොස් ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හෂාන් තිළකරත්න මහතා කටයුතු කරන අතර කළමනාකරු ලෙස ෆර්විස් මහරුෆ් මහතා කටයුතු කරයි.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම මෙවර තරගාවලියේ A කාණ්ඩයෙන් ඉන්දියාව , නවසීලන්තය හා ජපානය සමගින් මූළික වටයේදී තරග කරනු ඇත.

ශ්‍රී ලංකා සංචිතය

නිපුන් ධනංජය (නායක) , කමිල් මිශාර , නවෝද් පරණවිතාන , අහන් වික්‍රමසිංහ , රවිඳු ද සිල්වා , සොනාල් දිනූෂ , මොහොමඩ් ශමාස් , තවීශ අභිෂේක් , චාමිදු විජේසිංහ , අශේන් ඩැනියෙල් , දිලුම් සුධීර , ඩිල්ශාන් මදුසංක , අම්ෂි ද සිල්වා , කවිදු නදීශාන් , මතීෂ පතිරණ

චානක මධුසාගර[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top