වසරේ දක්ෂතම බොක්සින් ක්‍රීඩකයා ලෙස උමයංග මිහිරාන් හිමිකරගනි

පොලිස් ක්‍රීඩා සමාජයේ උමයංග මිහිරාන් ජාතික බොක්සිං ශූරතාවලියේ විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙස සම්මාන හිමි කර ගත්තා.තරගාවලිය මෙවර පැවැත්වුණේ ගෝල්ෆේස් පිටියේ ඉදිකල බොක්සිං වලල්ලක වීම විශේෂත්වයක්.ජාතික බොක්සින් ශූරතා තරගාවලිය දින 4 ක් පුරා පැවැත්වුණා.ගෝල්ෆේස් පිටියේ ඉදිකල බොක්සිං වලල්ලක පැවැති තරගාවලිය ප්‍රේක්ශකයින්ට නවමු අත්දැකීමක් ලබා දීම විශේෂත්වයක්.

මෙවර තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියයකට අධික ප්‍රමාණයක් තරග වැදුණා.තරගාවලියේ පිරිමි ශූරතාව දිනා ගත්තේ රන් පදක්කම් 7 ක් සමග සමස්ත පදක්කම් 11 ක් හිමි කර ගත් ශ්‍රී ලංකා යුධ හමුදාවයි.

එහි අනු ශූරතාව යුධ හමුදා රෙඩ් කණ්ඩායම හිමි කර ගත් අතර තෙවැනි ස්තානය පොලිස් ක්‍රීඩා සමාජයට හිමි වුණා.

තරගාවලියේ කාන්තා ශූරතාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව හිමි වූ අතර අනු ශූරතාව හිමි වුණේ ශ්‍රී ලංකා යුධ හමුදාවටයි.

මෙහිදී වසරේ හොඳම බොක්සින් කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා යුද හමුදාව කුසලාන දිනා ගත්තා.

වසරේ දක්ෂතම ක්‍රීඩිකාව විද්‍යාරතන ක්‍රීඩා සමාජයේ ආර්.ඩී එන් පුෂ්පකුමාරි.

වසරේ දක්ෂතම බොක්සින් ක්‍රීඩකයා ලෙස පොලිස් ක්‍රීඩා සමාජයේ උමයංග මිහිරාන් සම්මාන හිමිකර ගත්තා.

Back To Top