වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගමය විසින් අත්‍යාවශ්‍ය සනීපාරක්ෂක උපකරණ පිරිනැමේ

[vc_row][vc_column][vc_column_text]කොරෝනා වෛරසය තුරන් කිරීමට කැප වී කටයුතු කරන පිරිස් වෙනුවෙන් ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගමය අත්‍යාවශ්‍ය සනීපාරක්ෂක උපකරණ සහ තවත් ආධාර ලබා දීම අද ක්‍රීඩා අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදුකෙරුණා .මෙහි දී ආරක්ශිත මුක ආවරණ, සබන් සහ අත් සේදුම් කාරක ද්‍රව්‍ය මෙන්ම තවත් සනීපාරක්ෂක උපකරණ ක්‍රීඩා අමාත්‍යාංශ නේවාසිකාගාරයේ නවාතැන් ගෙන සිටින පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබලුන් හට පිරිනැමීම සිදු කෙරුනේ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් .

ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගමයේ ආරාධනයෙන් මෙම ආධාර බෙදා දීම සඳහා මූල්‍ය අනුග්‍රහය දැක්වූ ව්‍යාපාරික, දේශමාන්‍ය, ආචාර්ය .එච්. ටි.ආර්. ප්‍රියන්ත මහතා ද මෙම අවස්ථාවට එක් වුණා.ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති කරුපයියා රාමක්‍රිෂ්ණන් සහ ලේකම් චතුක දිවාෂණ ඇතුළු සාමාජිකයන් රැසක් මේ අවස්ථාව ට සහභාගී වුණා.මීට අමතරව තවත් සේදුම් කාරක ද්‍රව්‍ය, සබන් සහ ආරක්ෂිත ඇඳුම් කට්ටල බෙදා දීමට විශේෂ වැඩසටහනක්ද සූදානම් කොට ඇති අතර එහි මුල් අදියර ලෙස මේ දින වල අවධානම නොතකා රාජකාරියේ නිරත වන කොළඹ ප්‍රදේශයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට ආරක්ෂිත ඇඳුම් කට්ටලයක් ලබා දීමට ද සැලසුම් කර තිබෙනවා.

ක්‍රීඩා මාධ්‍යවේදීන් ක්‍රීඩා මාධ්‍ය කරනයෙන ඔබ්බට ගොස් සමාජ වගකීම හඳුනාගෙන මෙවැනි ව්‍යසනකාරී අවස්ථාවලදී මැදිහත් ව කටයුතු කිරීම ඉහළින් අගය කළ යුතු බව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා මෙහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කළා.

කොරොනා වසංගතය පැතිර යාම ආරම්භ වූ දින සිට ඊට එරෙහිව බොහෝ දෙනා සමග එක්ව පරිත්‍යාගයන් සිදු කරමින් සමාජ වගකීම ඉෂ්ට කළ ව්‍යාපාරික, ආචාර්ය , දේශමාන්‍ය එච්. ටි. ආර්. ප්‍රියන්ත මහතාද මෙහිදී අදහස් පල කලා.ඔහු ප්‍රකාශ කළේ ව්‍යාපාරිකයෙක් ලෙස මේ ව්‍යසනකාරී අවස්ථාවේදී කළ හැකි ඉහළම උදව් උපකාර රට වෙනුවෙන් සිදුකිරීමට තමාට හැකි වීම පිළිබඳව සතුටට පත් වන බවයි . එමෙන්ම මෙලෙස ආධාර උපකාර බෙදාදීම සඳහා ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගමයේන් ලැබුණු ආරාධනය අගය කොට සලකන බවත් ප්‍රියන්ත මහතා වැඩිදුරටත් සදහන් කලා.

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top