[vc_row][vc_column][vc_column_text]වෙළඳ සේවා විස්සයි විස්ස තරඟාවලිය කණ්ඩායම් 6ක සහභාගීත්වයෙන් යුතුව අද දින කොපඹදී ආරම්භ විය.
අද දින පැවති තරඟ වලින් හේලිස්, ඩීමෝ කණ්ඩායම් තරඟාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කරද්දී ජෝන් කීල්ස් සහ LB ෆයිනෑන්ස් අතර පැවත්වීමට නියමිතව තිබූ තරඟය ක්‍රීඩා පිටියේ තෙතබරිත තත්වය නිසා අතහැර දැමීමට සිදු විය.
ඩිමෝ vs සම්පත් බැංකු කණ්ඩායම
අයහපත් කාලගුණය සහ තෙතබරිත කාලගුණ තත්වය නිසා තරඟය පන්දුවාර 14කට පමණක් සීමා වූ අතර කාසියේ වාසිය දිනා සම්පත් බැංකු කණ්ඩායමේ ආරාධනයෙන් ලකුණු රැස් කිරීම ආරම්භ කල ඩීමෝ
කණ්ඩායම නියමිත පන්දුවාර 14 අවසානයේදී ලකුණු 108ක් රැස් කිරීමට සමත් විය.
හශාන් දුමිදූ අර්ධ ශතකයක් රැස් කර ඩීමෝ
කණ්ඩායමට අවශ්‍ය ජවය ලබා දෙද්දී පන්දුවෙන් දස්කම් දැක්වූ හශන්ත ප්‍රනාන්දු කඩුලු 3ක්ද දසුන් ශානක සහ නුවනිදු ප්‍රනාන්දු කඩුලු දෙක බැගින්ද දවා ගැනීමට සමත් විය.
තියුණු තරඟයක් බවට පත් වූ මෙම තරඟයේ ජයග්‍රහණය සඳහා ලකුණු 109ක ඉලක්කයක් හඹා ගිය සම්පත් බැංකු කණ්ඩායම අවසාන පන්දුවාරය තෙක් සටනක් ලබා දුන්නද නිසල් තාරක සහ රමේශ් මෙන්ඩිස්ගේ දක්ෂ පන්දු යැවීම නිසා හඹා යෑම සාර්ථක කරගැනීමට ඔවුන් අපොහොසත් විය.
කණ්ඩායමේ එකම සාර්ථක පිතිකරු වූයේ ලකුණු 34ක් රැස් කල ජීවන් මෙන්ඩිස් පමණි.
ඩිමෝ කණ්ඩායම : 108-8 ( 14)
හශාන් දුමිදූ 50*
හසන්ත ප්‍රනාන්දු 3/17, නුවනිදු ප්‍රනාන්දු 2/5, දසුන් ශානක 2/21
සම්පත් බැංකු : 104-9(14)
ජීවන් මෙන්ඩිස් 34*
නිසල් තාරක – 3/20, රමේශ් ප්‍රනාන්දු 2/31
හේලිස් vs මාස් යුනිචෙලා
මාස් යුනිචෙලා කණ්ඩායම කාසියේ වාසිය දිනා පන්දුවාර 20 අවසානයේ ලකුණු 168ක් රැස් කර අභියෝගාත්මක ඉලක්කයක් ලබා දුන්නද ප්‍රවේගකාරී තරුණ පිතිකරු අවිශ්ක ප්‍රනාන්දුගේ අති විශිෂ්ට ඉනිම හේතුවෙන් ලකුණු 169ක ඉලක්කය පන්දු 5ක් ඉතිරිව තිබියදී සම්පූර්ණ කිරීමට හේලිස් කණ්ඩායම සමත් විය.
මාස් යුනිචෙලා කණ්ඩායමේ වනිදු හසරංග ලකුණු 39ක් රැස් කරද්දි කණ්ඩායමේ කඩුලු 4ක් දවා ගැනීමට වනිදු හසරංග ගේ සහොදරයා වූ චතුරංග ද සිල්වා සමත් විය.
169ක ඉලක්කය හඹා ගිය හේලිස් කණ්ඩායම පන්දුවාර 19.1 කදී ඉලක්කය සම්පූර්ණ කරේ අවිශ්ක ප්‍රනාන්දු ගේ වේගවත් ලකුණු 91 හි ජවය ලබාගනිමිනි.
මාස් යුනිචෙලා : 164-8 ( 20)
වනිදු හසරංග 39 , ලහිරු මධුසංඛ 30
චතුරංග ද සිල්වා 4/21
හේලිස් : 168/5 (19.1)
අවිශ්ක ප්‍රනාන්දු 91* , රොන් චන්ද්‍රගුප්ත 26
ධම්මික ප්‍රසාද් 2/29
[/vc_column_text][/vc_column][/vc_row]