වොට්ලින් හා සැන්ට්නර්ගේ ඉවසිලිවන්ත සටන වැග්නර් ජයග්‍රහණයකින් කෙළවර කරයි

[vc_row][vc_column][vc_column_text]සංචාරක එංගලන්ත කණ්ඩායම ඉනීමක හා ලකුණු 65 කින් පරාජයට පත් කරමින් සත්කාරක නවසීලන්තය තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලිය 1 – 0ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්වූහ.

තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට එංගලන්තය තීරණය කල අතර ඒ අනුව ඔවුන් සියලු දෙනා දැවී ප්‍රථම ඉනීම වෙනුවෙන් ළකුණු 353ක් ලබා ගැනීමට සමත් වූහ. ඉනීමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ බෙන් ස්ටොක් ළකුණු 91ක් ලබා ගැනීමට සමත්විය.

පිළිතුරු ඉනීම ආරම්භ කල නවසීලන්තය අසීරු අඩියකට පත් කරමින් ළකුණු 127ක් තුළ කඩුලු 4ක් බිද හෙලීමට එංගලන්ත පන්දු යවනන් සමත්වූහ.ඉන් අනතුරුව ළකුණු 197 දී 5 වන කඩුල්ල දැවී ගිය අතර අනතුරුව පිටියට එක්වූ ග්‍රෑන්ඩ්හෝම් හා වොට්ලින් ළකුණු 119ක සම්බන්ධයක් පවත්වමින් නවසීලන්තයට සැනසුම් සුසුම් හෙලිමට ඉඩක් ඇති කළහ. .මෙහිදී ළකුණු 65ක් ලබා ගැනීමට ග්‍රෑන්ඩ්හෝම් සමත්විය. අනතුරුව 6 වන කඩුල්ල වෙනුවෙන් පිටියට එක්වූ මිචෙල් සැන්ට්නර් හා බ්‍රැඩ්ලි ජෝන් වොට්ලින් වාර්තාගත සම්බන්ධතාවයක් පවත්වාගනිමින් ළකුණු 261ක් එක් කිරීමට සමත්විය. මෙහිදී සැන්ට්නර් සිය මංගල ටෙස්ට් ශතකය ලෙස ළකුණු 126ක් ලබා ගත් අතර නවසීලන්ත කඩුලු රකින්නෙකු වාර්තා කළ ප්‍රථම ටෙස්ට් ද්විත්ව ශතකය වාර්තා කරමින් ළකුණු 205ක් ලබා ගැනීමට වොට්ලින් සමත්විය.. මේ අනුව නවසීලන්තය සිය ප්‍රථම ඉනීම වෙනුවෙන් කඩුලු 9ක් දැවී ළකුණු 615ක් ලබා ගනිමින් එංගලන්තයට වඩා ළකුණු 262 ක් ඉදිරියෙන් සිටීමට සමත්විය.

මේ අනුව පන්දුවාර 120කට වඩා වැඩි ප්‍රමාණයක් මුහුණදී ඉනීමක පරාජයකින් බේරීමේ සටන ආරම්භ කල එංගලන්තය ඊයේ සවස් වනවිටම ඉනීමක පරාජයක සේයාවක් පෙන්නුම් කරමින් ළකුණු 55ක් තුළ කඩුලු 3ක් බිද දැමීමට මිචෙල් සැන්ට්නර්ගේ පන්දුකරණයෙන් හැකි විය.

ඒ අනුව ජෝ ඩෙන්ලි හා රූට් අද දින පිටියට පිවිසියේ ජය පරාජයකින් එංගලන්තය ගලවා ගැනීමේ සටන ආරම්භ කිරීමටය. නමුත් එම සියලු බලාපොරොත්තු සුන් කරමින් දිනයේ ප්‍රථම කඩුල්ල ලෙස නායක රූට් ළකුණු 11කට දැවී යන ලදි. අනතුරුව පිටියට එක්වූ බෙන් ස්ටොක් හා ජෝ ඩෙන්ලි ඉවසිලිමත් ඉනීමක් ක්‍රීඩා කරමින් නවසීලන්ත පන්දු යවනන්ට සාර්ථකව මුහුණ දුන්හ. නමුත් බෙන් ස්ටොක්ගේ දුර්වල පහරක් හේතුවෙන් පන්දු 84ක් පුරා දියත් කල ඔහුගේ සටන අවසන් විය. අනික් අන්තයේ සිටී ඩෙන්ලි පන්දු 142කට මුහුණදී ළකුණු 35ක් ලබා ගනිමින් ඉනීමේ වැඩිම ළකුණු ලාභියා බවට පත්වීමට සමත්විය.

අනතුරුව වැග්නර් ප්‍රමුඛ නවසීලන්ත පන්දු යවනන් තරගයේ ග්‍රහණය සියතට ලබා ගත් අතර අවසන් මොහොතේදී ආචර් හා සෑම් කරන් සටනක් ලබා දුන්නද එය නවසීලන්ත ජයග්‍රහණය පමා කළා විනා එංගලන්තය පරාජයකින් ගලවා ගැනීමට ප්‍රමාණවත් නොවිය. මේ අනුව පන්දුවාර 96.2ක් පුරාවට එංගලන්තය කළ සටන නිමාවට පත්වූයේ නවසීලන්තයට ඉනීමක හා ළකුණු 65ක ජයක් හිමිකර දෙමිනි. පන්දු යැවීමේදී නවසීලන්තය වෙනුවෙන් වැග්නර් කඩුලු 5ක් හා සැන්ට්නර් කඩුලු 3ක් ලබා ගැනීමට සමත්විය.

නොතිබූ ජයග්‍රහණයක් වෙත නවසීලන්තය මෙහෙයවූ බී.ජේ වොට්ලින් තරගයේ වීරයා ලෙස නම් කරන ලදි.

එංගලන්තය 353 – 10 & 197 – 10
නවසීලන්තය 615 – 9 වොට්ලින් 205 , සැන්ට්නර් 126[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top