වොට්ලින්ගේ ඉවසිලිමත් ඉනීම හා සැන්ට්නර්ගේ තුන් ඉරියව් දස්කම් හේතුවෙන් එංගලන්තය ගැලවීමේ සටනක

[vc_row][vc_column][vc_column_text]සංචාරක එංගලන්තය හා නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය අවසන් වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම කඩුලු 3ක් දැවී ළකුණු 55ක් ලබා ඉනීමක පරාජයකින් ගැලවීමේ සටනක නිරත වෙමින් සිටීයි.. දිනය ආරම්භ වනවිට කඩුලු 6ක් දැවී ළකුණු 394ක් ලබා සිටි නවසීලන්තය සිය ප්‍රථම ඉනීම වෙනුවෙන් කඩුලු 9ක් දැවී ළකුණු 615ක දැවැන්ත ළකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට සමත්විය.. මෙහිදී නවසීලන්තය ළකුණු 127 – 4ක් බිද වැටී තිබියදී මෙලෙස ළකුණු 615ක් කරා යාමට ප්‍රධානතම සාධකය වූයේ බී.ජේ වොට්ලින් හා මිචෙල් සැන්ට්නර්ගේ ඉවසිලිමත් ඉනීම් දෙක වේ. ඔවුන් දෙදෙනා 6 වන කඩුල්ල වෙනුවෙන් ළකුණු 261ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත්විය.. මෙහිදී සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කළ සැන්ට්නර් ළකුණු 126ක් ලබා ගැනීමට සමත්විය. අනික් අන්තයේ රැදී සිටි කඩුලු රකින ක්‍රීඩක වොට්ලින් පන්දු 473ක් පුරාවට සිය කඩුල්ල ආරක්ෂා කර ගනිමින් ළකුණු 205ක් ලබා ගත්තේ හතරේ පහර 24ක් හා හයේ පහර 1ක් අන්තර්ගත කරමිනි.

මොවුන් දෙදෙනාගේ සම්බන්ධයත් සමගින් බිහිවූ වාර්තා වන්නේ,
නවසීලන්තය වෙනුවෙන් කඩුලු රකින්නෙක් ලබාගත් ප්‍රථම ටෙස්ට් ද්විත්ව ශතකය – වොට්ලින්

එංගලන්තයට එරෙහිව කඩුලු රකින්නෙක් ලබාගත් ප්‍රථම ද්විත්ව ශතකය

කඩුලු රකින ක්‍රීඩකයෙකු ලබාගත් 10 වන ටෙස්ට් ද්විත්ව ශතකය

නවසීලන්තය එංගලන්තයට එරෙහිව වාර්තා කල වැඩිම ළකුණු සංඛ්‍යාව

මෙම ඉනීම් දෙක හේතුවෙන් එංගලන්ත ප්‍රථම ඉනීමට වඩා ළකුණු 262ක් ඉදිරියෙන් සිටීමට නවසීලන්තය සමත්විය.

ළකුණු 262ක් පිටුපසින් සිට සිය දෙවන ඉනීම ඇරඹූ එංගලන්තය දිනය අවසන් වනවිට කඩුලු 3ක් බිදවැටී ළකුණු 55ක් ලබා ගෙන අසීරු අඩියකට පත්ව සිටී.. බිදවැටුණු කඩුලු 3ම දවා ගැනීමට සැන්ට්නර් සමත්විය…

නවසීලන්තය වේග පන්දු යවනන් කඩුලු 101ක් දවාගැනීමෙන් පසු නවසීලන්තය දගපන්දු යවන්නෙකු නවසීලන්තයේදී දවාගත් ප්‍රථම කඩුල්ල දවා ගැනීමට අද සැන්ට්නර් සමත්විය.

මේ අනුව තරගයේ අවසන් දිනය වන හෙට දිනයේ ඉනීමක පරාජයකින් බේරීමට එංගලන්තයට කඩුලු 7ක් අතැතිව තවත් ළකුණු 207ක් ලබා ගත යුතු වේ.

එංගලන්තය 353 & 55 – 3 බර්න්ස් 31 , සැන්ට්නර් 3 -6

නවසීලන්තය 615 – 9 වොට්ලින් 205 , සැන්ට්නර් 125
සෑම් කරන් 3 – 119

– චානා-[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top