නවසීලන්තය සමග පැවැත්වෙන ක්රිකට් තරගාවලියට සහභාගී වන ශ්රී ලංකා කණ්ඩායම, ඊයේ රාත්රී දිවයිනෙන් පිටත්ව ගියා. තරගාවලියට එක්දින තරග තුනක් සහ 20-20 තරග තුනක් ඇතුළත්.
තරගාවලියට පිටත්ව යාමට පෙර ශ්රී ලංකා ක්රීඩකයින් ශ්රී ලංකා ක්රිකට් ආයතනයේදී ආගමික වතාවත්වල නිරත වුණා. තරගාවලියට සහභාගී වන ශ්රී ලංකා කණ්ඩායමට ක්රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්. නායකයා ලෙස කටයුතු කරන්නේ, චරිත් අසලංක.
තරගාවලිය ආරම්භ කරමින් පළමු 20-20 තරගය ලබන 28 වැනිදා පැවැත්වීමට නියමිතයි. 30 වැනිදා දෙවැනි 20-20 තරගය පැවැත්වෙන අතර, ජනවාරි මස 2 වැනිදා තෙවැනි තරගය පැවැත්වීමටයි, සැලසුම් කර ඇත්තේ. තරගාවලියේ පළමු එක්දින තරගය, ජනවාරි මස 5 වැනිදා පැවැත්වෙනු ඇති.