ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තෙවන තරඟය අද!

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු සංචාරයේ තෙවන සහ අවසාන විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය අද දින රාත්‍රී තරඟයක් ලෙස මෙල්බර්න් හිදීපැවැත්වීමට නියමිතය.

පළමු සහ දෙවන තරඟවලින් පිලිවෙලින් ලකුණු 131ක සහ කඩුලු 9ක දැවැන්ත පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය.

ඔස්ට්‍රේලියානු පිල දැනටමත් තරඟවාලිය ජයග්‍රහණය කර අවසන් අතර ශ්‍රී ලංකා කණ්ඩායම ගෞරවය රැකගැනීමේ බලාපොරොත්තුවෙන්අද දින තරඟ බිමට පිවිසෙනු ඇත.

පකිස්ථානයේ තරඟ තුනම ජයග්‍රහණ කරමින් විශිෂ්ට තරඟාවලි ජයක් වාර්තා කල ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන, පිතිකරණ, පන්දුරැකීමේ අංශ සියල්ලම පාහේ නොසිතූ ලෙස මෙම සංචාරයේ පසුබෑමකට ලක් විය.

කිසිදු පිතිකරුවෙක්ට තවමත් ලකුණු 30 සීමාව පසු කිරීමට හැකියාව නොලැබුනු අතර කණ්ඩායමක් ලෙස ලකුණු 120 සීමාව පවාපසුකිරීමට අපොහොසත් විය.

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ මුල් තරඟ දෙක තුල විශිෂ්ට දස්කම් දැක්වූ මිචෙක් ස්ටාක්, ග්ලෙන් මැක්ස්වෙල් මෙම තරඟය ක්‍රීඩා නොකරනුඇත. එය ශ්‍රී ලංකා කණ්ඩායමට යම් තරමක හෝ අස්වැසිල්ලක් වුවද ඩේවිඩ් වෝනර්, ආරන් ෆින්ච්, ස්ටීව් ස්මිත් ඇතුලු ඔස්ට්‍රේලියානුපිතිකරණ බලඇණිය ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ඉදිරියෙන් සිටී.

පසුගිය තරඟ දෙකේ අමිහිරි මතකයන් අමතක කර යම් සාර්ථකත්වයක් හෝ මෙම තරඟයේදී ලබාගෙන හොඳින් තරඟාවලිය අවසන්කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන්ගේ එකම බලාපොරොත්තුවයි. [/vc_column_text][/vc_column][/vc_row]

Back To Top