ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පාසල් ක්‍රිකට් නංවන්න පන්දු යැවීමේ යන්ත්‍ර පිරිනමයි

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ තලයකට ගෙන ඒම වෙනුවෙන් වූ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ වැඩපිළිවෙළ යටතේ පන්දු යැවීමේ යන්ත්‍ර (Bowling Machine) 16 ක් ප්‍රමුඛ පෙළ ක්‍රිකට් ක්‍රීඩා කරන පාසල් වලට බෙදා දීම ඉකුත් දිනකදී සිදුවිය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේදී සිදුකෙරිණ. මෙම අවස්ථාවට පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති ඔෂාර පණ්ඩිතරත්න මහතා ද සහභාගිවී සිටියේය.

ශ්‍රී ලංකා මුදලින් රුපියල් හයලක්ෂ පනස්දහසක (650,000/=) මුදලකින් යුක්ත වන මෙම විදුලිය ආරෝපණය කර ගත හැකි ආකාරයේ පන්දු යැවීමේ යන්ත්‍රය ශ්‍රී ලංකාවට ගෙන්වන ලද පළමු අවස්ථාව ලෙසින්ද සටහන් වේ.

එම අවස්ථාවේදී අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා පැවසුවේ “මෙය ආරම්භයක් පමණයි. පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කරන පාසල් 36 සඳහාම මෙම යන්ත්‍ර ලබාදීමට අපි සැලසුම් කරලා තියෙනවා”යන්නයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි පාසල් ක්‍රිකට් සභාපතිවරයා, “පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙන යෑම සඳහා අපි වැඩි මුදලක් ඉදිරියේදී වෙන් කිරීමට බලාපොරොත්තු වෙනවා. සැඟවුණු දක්ෂතා ඇති ක්‍රීඩකයන් පාසල් ක්‍රිකට් ක්‍රීඩාව තුළින් සොයා ගැනීමේ හැකියාව තියෙන බව අපි විශ්වාස කරනවා”යැයිද පැවැසීය.

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top