ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් සහ සුපිරි ක්‍රිකට් තරු රැසක් සහභාගී වන අබුඩාබි T10 තරඟාවලිය හෙට සිට!

[vc_row][vc_column]

ඉන්දීය පෞද්ගලික ක්‍රීඩා ආයතනයක් සහ එක්සත් අරාබී එමීර් රාජ්‍ය ක්‍රිකට් පාලක මණ්ඩලය එක්ව සංවිධානය කරන පන්දුවාර 10කින්යුත් T10 තරඟාවලියේ තුන්වම අදියර හෙට දින අබුඩාබිහිදී ආරම්භ වීමට සියලු කටයුතු සූදානම්ව තිබේ.

එක් ඉනිමකට පන්දුවාර දහයක් සහ එක් තරඟයක් විනාඩි 90කින් සමන්විත වන මෙම ආකෘතියේ ක්‍රිකට් තරඟාවලිය ලෝක ක්‍රිකට්ප්‍රේක්ෂකයන්ගේ ආකර්ශනය නොඅඩුව දිනාගත් අතර 2017 සහ 2018 වර්ශ වලදී පිලිවෙලින් මෙහි මුල් අදියර දෙක පැවත්වුනි.

එම අවසථාවන් දෙකේදී කේරලා කින්ග්ස් සහ නෝදන් වොරියර්ස් කණ්ඩායම් දෙක පිලිවෙලින් ශූරතා දිනා ගැනීමට සමත් විය.

කණ්ඩායම් 8ක් කාණ්ඩ දෙකක් යටතේ තරඟ වැදීමට නියමිත අතර ඉන් ඒ ඒ කාණ්ඩයෙහි වැඩිම ප්‍රසාද ලකුණු ලබාගන්නා කණ්ඩායම්හතර ඊලහ වටයට සුදුසුකම් ලබනු ඇත.

ලසිත් මාලිංග,කුසල් පෙරේරා, තිසර පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස්, භානුක රාජපක්ෂ , නිරෝශන් දික්වැල්ල, නුවන් ප්‍රදීප්, අසේල ගුණරත්න, සීක්කුගේ ප්‍රසන්න, ශෙහාන් ජයසූරිය, ඉසුරු උදාන, උපුල් තරංග, වනිදු හසරංග, දුශ්මන්ත චමීර ඇතුලු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 15කට අධිකප්‍රමාණයක් මෙම තරඟාවලිය නියෝජනය කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ශකයන් රැසකගේ අවධානය දිනා ගැනීමට හේතුවී ඇත.

තරඟාවලියට සහභාගී වන කණ්ඩායම් 08.

  1. බංග්ලා ටයිගර්ස් ( නායක තිසර පෙරේරා )
  2. ඩෙකෑන් ග්ලැඩියේටර්ස් ( නායක ශේන් වොට්සන්)
  3. දිල්හි බුල්ස් ( නායක ඔයින් මෝගන් )
  4. කර්නාටක ටස්කරස් ( නායක හශීම් අම්ලා)
  5. මරතා අරබියන්ස් ( නායක ඩ්වේන් බ්‍රාවෝ)
  6. නෝතන් වොරියර්ස් ( නායක ඩැරන් සමී )
  7. ක්වාලන්ඩර්ස් ( නායක ශහීඩ් අෆ්‍රිඩි )
  8. ටීම් අබුඩාබි ( නායක මොයින් අලී)

ජාත්‍යන්තර අවධානය දිනාගත් සුපිරි ක්‍රිකට් තරු, ශ්‍රී ලංකා ක්‍රිකට් තරු කණ්ඩායම් 8ක් අතර උරෙන් උර ගැටෙන මෙම ක්‍රිකට් තරඟාවලියහෙට දින එනම් 15 සිට 18 තෙක් දින 4ක් පුරා එක් කණ්ඩායමකට තරඟ 3 බැගින් මුලු තරඟ 12ක් මූලික වටයේ තරඟ ලෙස පැවත්වීමට  නියමිත වන අතර දිනකට තරඟ තුනක් පැවත්වීමට සංවිධායකින් තීරණය කර ඇත.

පිලිවෙලින් තරඟ තුන පස්වරු 06, පස්වරු 8.30 සහ පස්වරු 10.15ට පැවත්වීමට නියමිතය.

තරඟාවලියේ විකාශන අයිතිය සෝනි සික්ස් ආයතනය විසින් ලබා ගෙන ඇත.

[/vc_column][/vc_row]

Back To Top