[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි වසර දෙකක කාල සීමාව සදහා වන නිළධාරී මණ්ඩලය තෝරා ගැනීමට අදාල නිළවරණය මැයි මස 20වනදා පැවැත්වීමට නියමිත බවට වාර්තා වේ. මෙවර නිළවරණය සදහා නාමයෝජනා ලබාදීම සදහා පෙබරවාරි මස 24වනදා පෙරවරු 9.30 සිට පස්වරු 3.30 දක්වා අවස්ථාව හිමිවනු ඇත.
මෙවර නිළවරණය සදහා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබන සාමාජිකයන්ගේ ලයිස්තුව එළඹෙන සෙනසුරාදා(06) දිනයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවද වාර්තාවෙයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් නිළවරණය මැයි මස 20වනදා පෙරවරු 10.30 කොළඹ 7 පිහිටි ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්වෙනු ඇත. එම නිළවරණයේ පහත තනතුරු සදහා පුද්ගලයන් තෝරා පත්කරගනු ඇත.
සභාපති – තනතුරු 01
උප සභාපති – තනතුරු 02
ලේකම් – තනතුරු 01
උප ලේකම් – තනතුරු 01
භාණ්ඩාගාරික – තනතුරු 01
උප භාණ්ඩාගාරික – තනතුරු 01
– Creeda Sports Network –[/vc_column_text][/vc_column][/vc_row]