[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා සුපිරි දගපන්දු යවන ක්‍රීඩක වනිදු හසරංගට වහාම ශල්‍යකර්මයට යොමු වන ලෙස විදෙස් වෛද්‍යවරු උපදෙස් ලබා දී ඇත. නමුත් ඔහු ලෝක කුසලාන තරගාවලිය ක්‍රීඩා කර ශල්‍යකර්මයට යාමට කැමැත්තෙන් පසුවන අතර මෙවර ලෝක කුසලානයේදී ඔහුගේ සේවය අවශ්‍ය පරිදි ලබා ගැනීමට තේරීම් කමිටුවටද තවමත් අදහසක් පවතින බව වාර්තා වෙයි.
ඔහු සුවය ලබන ආකාරය නිරීක්ෂණය කරනු ලබන අතර, ඔහු ක්‍රීඩා කිරීමට සුදුසු බව තහවුරු වුවහොත් සහ තරඟාවලිය අතරතුර කණ්ඩායමේ සාමාජිකයෙකුට ආබාධයක් ඇති වුවහොත් ඔහු වෙනුවට ආදේශකයක් ලෙස වනිදු එක් කිරීමේ සූදානමක් පවතියි.[/vc_column_text][/vc_column][/vc_row]