[vc_row][vc_column][vc_column_text]මෙරට දේශීය සිසිල් බීම සමාගමක් වන මයිකෝලා බෙවරේජස් පුද්ගලික සමාගම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල සිසිල් බීම සහකරු වශයෙන් සහයෝගීතාවයකට එළැඹ සිටියි. මේ වසරේ ජූලි පළමුවැනිදා සිට වසර ඉදිරි වසර 03 ක කාලයක් සඳහා දෙපාර්ශ්වය ගිවිසුම් ගතව සිටින අතර ඒ පිළිබඳ වූ ගිවිසුම ඊයේ (01 වැනිදා) කොළඹ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී අත්සන් තැබිණ.
අදාළ ගිවිසුම අත්සන් තැබුණු අවස්ථාවේදී ඒ පිළිබඳව අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා, “අපගේ සිසිල් බීම සහකරු ලෙස මයිකෝලා බීම වර්ගය අත්වැල් බැඳගැනීම සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතුටට පත්වනවා. ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ සම්බන්ධව කටයුතු කිරීමේදී ඔවුන් දක්වන උනන්දුව අගය කර සිටිනවා. මේ සම්බන්ධතාවය හරහා ලොව පුරා සිටින ක්‍රිකට් රසිකයින් අතරට යෑමේ අවස්ථාව මයිකෝලා ආයතනයා හිමිවනවා”යි සඳහන් කර සිටියේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් මොහාන් ද සිල්වා මහතාත්, මයිකෝලා බෙවරේජස් පුද්ගලික සමාගම වෙනුවෙන් එහි කළමනාකාර අධ්යක්ෂ මහින්ද පෙරේරා මහතාත් ගිවිසුමට අත්සන් තැබූහ. එම අවස්ථාවට ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලීද සිල්වා, මයිකෝලා බෙවරේජස් පුද්ගලික සමාගමේ විධායක අධ්‍යක්ෂක සහ ප්‍රධාන විධායක නිලධාරී ශ්‍යාම් ප්‍රනාන්දු මෙන්ම විස්සයි-20 නායක ලසිත් මාලිංග යන මහත්වරු සහභාගාවූහ.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි මොහාන් ද සිල්වා මහතා, “Covid 19 වසංගතය හේතුවෙන් ගෙවී ගිය මාස කීපයේදී සියළු ආකාරයේ ක්‍රිකට් තරග නැවැත්වුණු බැවින් මෙම සම්බන්ධතාවය ක්‍රිකට් ක්‍රීඩාවට වැදගත් අවස්ථාවක් නිර්මාණය කරනවා. ඒ වගේම එය ක්‍රීඩාව සහ ක්‍රිකට් රසිකයින්ගේ ප්‍රයෝජනය සඳහා සක්‍රීය තරගකාරීත්වයක් නිර්මාණය කිරීමට ඉවහල් වන බවත් සඳහන් කර සිටියේය.
මෙම හවුල්කාරීත්වය යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන සියළු උත්සව අවස්ථාවන්ට, ආගන්තුක සත්කාරක ස්ථාන වලට මෙන්ම ආගන්තුකයින්ට, ප්‍රභූවරුන්ට මෙන්ම සියළුම ක්‍රීඩකයින්ට සංග්‍රහ කිරීමේ අයිතිය මයිකෝලා බෙවරේජස් පුද්ගලික සමාගම සැලකිය යුතු ආයෝජනයක් සිදුකරනු ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ සහයෝගීතාවයට එළැඹීම පිළිබඳව අදහස් දක්වා සිටි මයිකෝලා බෙවරේජස් පුද්ගලික සමාගමේ විධායක අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ශ්‍යාම් ප්‍රනාන්දු මහතා අදහස් දක්වමින් පවසා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල සිසිල්බීම සහකරු ලෙස පත්වීඹට හැකියාව ලැබීම සිය 16 වසරක ආයතන ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක් වනු ඇති බවයි.
“අන්තර්ජාතික සන්නාමයන්ට සමගාමීව රසවත් සහ ගණාත්මක බවින් යුත් පාන වර්ග රාශියක් වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීමට වෙහෙස නොබලා අප ගනු ලැබූ උත්සාහයට සාධාරණත්වයක් ඉටු කිරීමක් ලෙසින් අපි මෙම සම්බන්ධතාවය සලකනු ලබනවා” යැයි සඳහන් කළ ශ්‍යාම් ප්‍රනාන්දු මහතා “මෙය සත්‍ය වශයෙන්ම අපගේ විශිෂ්ඨත්වය අඛණුඩව පවත්වාගෙන යෑමට අධිෂ්ඨානයක් එක් කරනු ලබන ශක්තිමත් කඩඉමක් වනවාඑබැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ අත්වැල් බැඳ ගැනීමට අවස්ථාව උදාවීම ගැන අපි ආඩම්බර වෙනවා” යැයි වැඩිදුරටත් සඳහන් කර සිටියේය.[/vc_column_text][/vc_column][/vc_row]