ශ්‍රී ලංකා කාන්තා පිළ අවසන් පූර්ව වටයට

[vc_row][vc_column][vc_column_text]

ආසියානු ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මුහුණ දුන් පළමු තරගය අද පැවැත්විණි. අර්ධ අවසන් පූර්ව තරගයක් ලෙසින් පැවති මෙම තරගය වෙනුවෙන් තායිලන්තය හා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම් තරග වැදුණි. තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හමුවේ පන්දුවාර 15ක තරගයක් ලෙසින් මෙය ක්‍රියාත්මක විය. කාසිය වාසිය දිනූ තායිලන්තය පළමුව පන්දුවට පහර දුන් අතර ඔවුන්ට කඩුලු 7ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 78ක් පමණි.

වැඩිම ලකුණු රැස්කළ Chanida Suththiruang නොදැවී ලකුණු 31ක් රැස්කළ අතර සෙසු කිසිදු ක්‍රීඩිකාවකට ලකුණු 10 සීමාව පසුකරන්නට අවස්ථාවක් හිමිනොවීය. පන්දු යැවීමේදී ඉනෝෂි ප්‍රියදර්ශනී ලකුණු 10ට කඩුලු 4ක් බිදහෙලීය. සුගන්දිකා, චමරි හා කවීෂා එක් කඩුල්ල බැගින් දවගත්හ.

ඉලක්කය හඹායාමට පිටියට පිවිසෙන ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 10 පන්දු 5ක් තුළ කඩුලු 2 පමණක් දැවී ඉලක්කය සම්පූර්ණ කළහ. චමරි අතපත්තු ලකුණු 27ක්, අනුෂ්කා සංජීවනී ලකුණු 32ක් රැස්කළ අතර හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 14ක් එක් කරන්නට විය. ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත් විය.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top