Headline
#INDvSL |Sri Lanka Vs India 2nd Test Day 2 Photo’s
‍‍ජාතික ලීග් කාන්තා බේස් බෝල් තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකා යුද හමුදාවට
තේරීම් කමිටුවෙන් පුහුණුකරු ධූරයට මාරු වූ දිල්රුවන්
ශාරුජන් ශංමුගනාදන් අගනා ශතකයක්
වයස අවුරුදු 19 න් පහළ බාලක ශූරතාව හිමිකර ගැනීමට රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයට
ශ්‍රී ලංකාව පරදා දකුණු අප්‍රිකාව ට පළමු තරගය පහසු ජයක්
තුන්වැනි එක් දින තරගය ජය ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහළ ක්‍රිකට් කණ්ඩායමට
පොදු රාජ්‍ය මණ්ඩලයීය කරාතේ තරගාවලියේදී රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම්
ඩර්බන්හි කිංග්ස් මීඩ් ක්‍රීඩාංගනයේදී පිතිකරුවන් අසරණ වෙයි
ආයතන තුළ සිදුවන වංචා, දූෂණ කෙළින්ම අපිට කියන්න – ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ

ශ්‍රී ලංකා නැගී එන පිල ලකුණු 66 ක පරාජයක් ලබයි

[vc_row][vc_column][vc_column_text]එංගලන්තයේ තරග සංචාරයකට සහභාගිව සිටින ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සමර්සෙට් ප්‍රාන්ත පිලට එරෙහිව පැවැති විස්සයි-20 තරගයද ලකුණු 66 කින් පරාජයට පත් වූවේය. ටෝන්ටන්හි පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් සමර්සෙට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 4 කට ලකුණු 194 ක් ලබා ගත්තද ශ්‍රී ලංකා නැගීඑන පිලට රැස් කරගත හැකි වූයේ පන්දුවාර 17 කුත් පන්දු 3 කදී සියලු දෙනා දැවී ලකුණු 128 ක් පමණි.

සමර්සෙට් කණ්ඩායම වෙනුවෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක ලියැළුණු ජෝර්ජ් බාර්ට්ලට් පන්දු 38 කදී හයේ පහර 9 ක් සහ හතරේ පහර 2 ක් සමඟින් පන්දු 38 කදී නොදැවී ලකුණු 82 ක් ලබා ගත්තේය. ඊට අමතරව ආරම්භක පිතිකරු ජේම්ස් රෝ පන්දු 35 කදී ලකුණු 47 ක්ද ටොම් බැන්ටන් පන්දු 29 කදී ලකුණු 34 ක් ද ලබාගත්හ.

පන්දු යැවීමේදී දැඩිම ප්‍රහාරයකට ලක්වූයේ අම්ෂි ද සිල්වා සහ ධනංජය ලක්ෂාන් වන අතර ඔවුන් දෙදෙනාගේ පන්දුවාර 3 සඳහා පිළිවෙළින් ලකුණු 42 ක් සහ 39 ක් වශයෙන් පිතිකරුවන් ලකුණු රැස් කර තිබිණ. කැපී පෙනෙනම පන්දු යවන්නා වූයේ දුනිත් වෙල්ලාලගේ වන අතර ඔහු තම පන්දුවාර 4 දී ලකුණු 32 ක් පමණක් ලබාදී කඩුලු 2 ක් බිඳ හෙළීය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී සංචාරක පිල පන්දුවාර 17.3 කදී සීමා කිරීමට සමර්සෙට් පන්දු යවන්නෝ සමත්වූහ. ඒ අතරින් ලකුණු 30 සීමාව ඉක්මවාලීමට සමත්වූ ඒකම පිතිකරුවා බවට පත්වූයේ මැද පෙළින් පැමිණි අෂේන් බණ්ඩාරය. ඔහු පන්දු 36 කට මුහුණ දෙමින් ලකුණු 38 ක් ලබා ගත්තේය. ඒ හැරුණු කොට ලකුණු 20 සීමාව ඉක්මවා ගිය එකම පිතිකරුවා වූයේ නුවනිඳු ප්‍රනාන්දු (21) පමණි.

සමර්සෙට් පන්දුවාර 20 කදී කඩුලු 4 ට ලකුණු 194 යි – ටොම් බැන්ටන් 34, ජේම්ස් රෝ 47, ජෝර්ජ් බාර්ට්ලට් 83*, ලුවිස් ගෝල්ඩ්ස්වර්ති 10, දුනත් වෙල්ලාලගේ 32/2

ශ්‍රී ලංකා නැගී එන පිල පන්දුවාර 17.3 කදී ලකුණු 128 යි – අෂේන් බණ්ඩාර 38, නුවනිඳු ප්‍රනාන්දු 21, නිපුන් ධනංජය 14, නිශාන් මදුශ්ක 13, ලුවිස් ගෝල්ඩ්ස්වර්ති 28/3, බෙන් ග්‍රීන් 25/3, මැක්ස් වොලර් 15/2)[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top