ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පළඝ අංශයේ අවසන් පූර්ව වටයට

[vc_row][vc_column][vc_column_text]දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග 2 ක් පරාජය වූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් තරගාවලියේ පළඝ අංශයේ අර්ධ අවසන් පූර්ව වටයට සහභාගී වුණා. ඒ නයිජීරියාවට එ‌ෙරහිවයි.

තරගයේ පළමුවෙන් පන්දුව‌ට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පන්දු වාර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 306 ක් රැස් කළා. විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ රවින්දු රෂාන්ත ලකුණු 102 ක් රැස් කළා. ඔහුගේ ඉනිමට 4 පහර 7 ක් සහ 6 පහර 2 ක් ඇතුලත්. පන්දු යැවීමේදී රෂීඩ් ඇබොලරීන් කඩුලු 2 යි.

පිලිතුරු ලෙස නයිජීරියා යොවුන් ක්‍රීඩකයින් පන්දු වාර 17 යි පන්දු 2 ක් අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී රැස් කළේ ලකුණු 73 ක් පමණයි. අබ්දුල් රහමාන් ලකුණු 15 යි. කණ්ඩායමේ සෙසු කිසිදු ක්‍රීඩකයෙකු ලකුණු 10 සීමාව පසු කළේ නැහැ. පන්දු යැවීමේදී දිල්ෂාන් මදුශංක කඩුලු 5 ක් දවා ගත් අතර කවින්දු නදීෂාන් කඩුලු 3යි.

ශ්‍රී ලංකා කණ්ඩායම තරයෙන් ලකුණු 233 ක දැවැන්ත ජයත් හිමි කර ගත්ත‌ා.

 

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top