ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්

[vc_row][vc_column][vc_column_text]දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක සහ ලකුණු 58 ක පරාජයක් අද (20 වැනිදා) අත් වින්දේය. පළමු තරගයේදී අවසන් පන්දුවේදී ජයග්‍රහණය වාර්තා කළ නවසීලන්ත කණ්ඩායම මෙම ජයග්‍රහණයත් සමඟ තරගාවලිය 2-0 ක් ලෙස ජයගත්තේය.

ඉනිමක පරාජයෙන් ගැලවීම සදහා දෙවැනි ඉනිමේදීත් ලකුනු 416 ක් පිටුපසින් සිට නැවතත් දෙවැනි ඉනිම ඇරැඹූ ශ්‍රී ලංකා කණ්ඩායම මුලු ලකුණු සංඛ්‍යාව 538 ක්ව තිබියදී නවතාලීමට නවසීලන්ත පන්දු යවන්නෝ සමත්වූහ.

ඉදිරි පෙළින් පැමිණි පිතිකරුවන් 8 දෙනාම 123 වැනි පන්දුවාරය වන විටම දැවී යෑම නිසා ඉතිරි කඩුලු 3 ම තේ පානයට පෙර දවා ගනිමින් තරගය නිමා කිරීම නවසීලන්ත පන්දු යවන්නන්ගේ අදහස විය. එහෙත් ඊට කසුන් රජිත හරස් විය. පවුරක් මෙන් සිය අන්තය ආරක්ෂා කරගත් කසුන් ළහිරු කුමාර සමඟ එක්ව හැකිතාක් කාලයක් කඩුල්ල ආරක්ෂා කරගත්තේ තරගය පස්වැනි දිනයටත් රැගෙන යෑමේ අදහසිනි. පසුවෙන් පරාජය භාර නොගන්නා ක්‍රීඩකයකු ලෙසින් ප්‍රකට කසුන්, ලබා ගත්තේ ලකුණු 20 ක් පමණක් වුවත්, ඔහු පැය 3 කට ආසන්න කාලයක් (මිනිත්තු 148) කඩුල්ල ආරක්ෂා කරගත්තේ පන්දු 110 කට මුහුණ දෙමිනි. ඔහු මුහුණ දුන් පන්දු සංඛ්‍යාව ශ්‍රී ලංකා ඉනිමේ දෙවැනි වන්නේ ධනංජය ද සිල්වා (පන්දු 185) ට පමණි.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ අවසන් බලාපොරොත්තුව බවට පත් වුණු ධනංජය ද සිල්වා ශතකය පෙනී පෙනී දැවී යෑම නිසා ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ශ්‍රී ලංකාව තබා තිබූ බලාපොරොත්තු සියල්ල සුණු විසුණු විය. පන්දු 185 කට මුහුණ දුන් දකුණත් පිතකිරුවා ශතකය පෙනී පෙනී ලකුණු 98 කට දැවී ගියේය. එම දැවී යෑමේදී ඔහු මුහුණ දුන් පන්දුව ඉතාමත් දුර්වල පන්දුවක් වූයෙන් එම දැවී යෑම ගණගාටුව දෙගුණ තෙගුණ කරවන්නක් විය.

මිනිත්තු 257 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි ධනංජය ද සිල්වා අද දිනයේදී ටෙස්ට් ලකුණු 3000 සීමාව ඉක්මවා ලීම කැපී පෙනිණ. මුහුණ දුන් පන්දු 185 න් 12 ක් හතරේ පහර බවට පරිවර්තනය කරගත් ධනංජය තව ලකුණු 2 ක් ලබා ගත්තේ නම් ඔහුට සිය 10 වැනි ටෙස්ට් ශතකය ලබා ගැනීමට තිබිණ.

පෙර දිනයේ ලකුණු 50 ක් ලබා සිටි කුසල් මෙන්ඩිස් අද දීනයේ දැවී ගියේ එක් ලකුණක් හෝ ලබා ගැීමට මත්තෙනි. එම දැවී යෑෆමන් පසු පැමිණි ඇන්ජලෝ මැතිව්ස් නවසීලන්ත පන්දු යවන්නන්ට මුහුණ දීමට යම් අසීරුතාවක් දැක්වීමද විශේෂත්වයක් විය පැයකට ආසන්න කාලයක් තිස්සේ කඩුල්ලේ රැඳී සිටි පරිණත පිතිකරුවා ඒ අතරතුර කාලයේදී මුහුණ දුන් පන්දු 44 ටම ලබා සිටියේ ලකුණු 02 කි.

තික්නර් සහ හෙන්රිගේ පන්දු හමුවේ කුසල් සහ මැතිව් දැවී යෑමත් සමඟ ලකුණු 113 කට කඩුලු 2 ක්ව සටහන් ව තිබූ ලකුණු පුවරුව එක වරම ලකුනු 116 ට කඩුලු 4 ක් ලෙසින් සටහන් විය. අනතුරුව පිටියට පිවිසි දිනේෂ් චන්දිමාල් සහ ධනංජය ද සිල්වා අතර පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 126 ක සම්බන්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකාවට යම් බලාපොරොත්තුවක් එක් කිරීමට සමත්වූහ.

පන්දු 92 කදී ලකුණු 62 ක් රැස් කළ චන්දිමාල් දැවී යෑමෙන් පසු ධනංජයට එක් වුණු කෝඩුකාර නිශාන්මදුශ්ක 6 වැනි කඩුල්ලට ලකුණු 76 ක් එක් කිරීමට දායකත්වය දැක්වීය. පිට ඉන්නෙන් වඩාත් ඈථ යන පන්දුවකට පුල් පහරක් එල්ල කිරීමට යෑමේදී මදුශ්ක සිය වටිනා ඉනිම ලකුනු 39 කදී නිමාවට පත් කර ගත්තේය.

තරගයේ වීරයා  – හෙන්රි නිකොලස්

තරගාවලියේ වීරයා – කේන් විලියම්සන්

නවසීලන්තය පළමු ඉනිම පන්දුවාර 123 කදී කඩුලු 4ට ලකුණු 580 යි – (කේන් විලියම්සන් 215, හෙන්රි නිකොලස් 200*, ටොම් ලේතම් 21, ඩෙවෝන් කොන්වේ 78, ඩැරල් මිචෙල් 17, ටොම් බ්ලන්ඩල් 17, කසුන් රාජිත 126/2, ධනංජය ද සිල්වා 75/1, ප්‍රභාත් ජයසූරිය 86/1)

ශ්‍රී ලංකාව පළමු ඉනිම පන්දුවාර 66.5 කදී ලකුණු 164 යි – (දිමුත් කරුණාරත්න 89, දිනේෂ් චන්දිමාල් 34, නිශාන් මදුශංක 19, මයිකල් බ්‍රේස්වෙල් 50/3, ඩග්ලස් බ්‍රේස්වෙල් 19/2, මැතිව් හේනරි 44/3) සහ දෙවැනි ඉනිම පන්දුවාර 142 කදීසියලු දෙනා දැවී ලකුණු 358 යි – (ධනංජය ද සිල්වා 98, දිමුත් කරුණාරත්න 51, කුසල් මෙන්ඩිස් 50, දිනේෂ් චන්දිමාල් 62, නිශාන් මදුශ්ක 39, කසුන් රජිත 20, ටිම් සවුති 51/3, බ්ලෙයාර් තික්නර් 84/3, මයිකල් බ්‍රේස්වෙල් 100/2)[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top