[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා සහ නවසීලන්තය අතර තරගය පැවැත්වුණේ සිඩ්නි ක්‍රීඩාංගණයේ දී. කාසිය වාසිය ජයගත් නවසීලන්තය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
ඒ අනුව නවසිලන්ත ඉනිම ආරම්භ කළේ ෆින් ඇලන් සහ ඩෙවෝන් කොන්වේ. ඔවුන් දෙදෙනා අතර ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු දෙකක් වන විට ඇලන් එක් ලකුණකට දැවී ගියේ මහීෂ් තීක්ෂණගේ පන්දුවකට. ඩෙවෝන් කොන්වේද එක් ලකුණකට දැවී ගියා. නායක කේන් විලියම්සන් ලබාගත්තේ ලකුණු 8 පමණයි. අනතුරුව සිව්වන කඩුල්ල සඳහා ග්ලේන් පිලිප්ස් සහ ඩැරල් මිචෙල් ලකුණු 84 ක සබඳතාවයක් ගොඩ නැගුවා. මිචෙල් සිවුවැනි කඩුල්ල ලෙස ලකුණු 22 කට දැවී ගියේය ලකුණු 22 කට දැවී ගියේය වනිදු හසරංග ඒ පන්දුවකට.
ග්ලේන් පිලිප්ස් අද වාර්තා කළේ තම එක්දින ක්‍රිකට් දිවියේ 2වැනි ශතකය. ඔහු දැවී ගියේ ලකුණු 104 කට. නවසීලන්තය පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 167 ක් රැස් කළා. පන්දු යැවීමේදී කසුන් රජිත කඩුලු 2 යි.
අනතුරුව තරගය ජය ගැනීම සඳහා ලකුණු 168 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 5 දැවී ගියේ ලකුණු 24කට. නායක දසුන් ශානක ලකුණු 35ක් සහ භානුක රාජපක්ෂ ලකුණු 34ක් රැස් කළා.ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙසු කිසිදු පිතිකරුවෙකු ලකුණු 10 සීමාව පසු කළේ නැහැ. ශ්‍රී ලංකාව පන්දුවාර 19යි පන්දු 2 අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී රැස් කළේ කළ ලකුණු 102 ක් පමණයි. නවසීලන්තය තරගය ජය ගත්තේ ජයගත්තේ ලකුණු 65 කින්.
තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් තරඟ දෙකක් ඉතිරිව තිබෙනවා. ලබන මස පළමුවැනිදා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එංගලන්තය සමග තරග වදින අතර සුපිරි 12 වටයේ අවසන් තරගයේදී ශ්‍රී ලංකාව මුහුණ දෙන්නේ ඇෆ්ගනිස්ථානයට එරෙහිව තරගයටයි. ප්‍රේම තරඟය ලබන මස 5 වැනිදා පැවැත්වෙනවා.[/vc_column_text][/vc_column][/vc_row]