[vc_row][vc_column][vc_column_text]ආසියානු ක්රීඩා තරගාවලියේ ක්රිකට් ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටයේ තෙවන තරගය අද දිනයේදී පැවැත්විණි. ඒ ශ්රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතරයි. මෙම තරගයේ කාසිය වාසිය දිනූ ශ්රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීම තෝරාගත්හ.
ඒ අනුව පිටියට පිවිසෙන ඇෆ්ගනිස්තානය පන්දුවාර 18 පන්දු 3කදී සියලු ක්රීඩකයන් දැවී රැස්කිරීමට සමත් වූයේ ලකුණු 116ක් පමණයි. ඇෆ්ගනිස්තාන පිතිකරුවන් තිදෙනෙක් පමණක් ලකුණු 10 සීමාව පසු කරද්දී ඉනීමේ වැඩිම ලකුණු ලාභියා වූ නූර් අලි සද්රාන් පන්දු 52කදී හතරේ පහර 6ක් හා හයේ පහරක් සමගින් ලකුණු 51ක් රැස්කිරීමට සමත් විය. පන්දු යැවීමේදී නුවන් තුෂාර ලකුණු 17කට කඩුලු 4ක් ද සහන් ආරච්චිගේ කඩුලු 2ක්ද ලහිරු සමරකෝන් හා වියස්කාන්ත් එක් කඩුල්ල බැගින් ද දවාගැනීමට සමත් විය.
ඉලක්කය හඹායාමට පිටියට පිවිසෙන ශ්රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් එතරම් සාර්ථක අන්දමින් ක්රීඩා කරනු දැකගත නොහැකි විය. ඒ අනුව ඔවුන්ට පන්දුවාර 19 පන්දු 1ක් අවසානයේ සියලු ක්රීඩකයන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 108ක් පමණයි. ඒ අනුව මෙම තරගයෙන් ලකුණු 8ක ජයක් හිමිකරගත් ඇෆ්ගනිස්තානය ආසියානු කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත් විය. ශ්රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ සහන් ආරච්චිගේ ලකුණු 22ක් රැස්කිරීමට සමත් විය. පන්දු යැවීමේදී ඇෆ්ගනිස්තානය වෙනුවෙන් ක්වයිස් අහමඩ් ලකුණු 16කට කඩුලු 3ක් ද ගුල්බදීන් නයිබ් ලකුණු 28ට කඩුලු 3 ද දවාගැනීමට සමත් විය.[/vc_column_text][/vc_column][/vc_row]