[vc_row][vc_column][vc_column_text]
ක්රීඩා දූෂණ විරෝධී සංග්රහය කිහිප වතාවක් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ICCය විසින් පුද්ගලයින් අට දෙනෙකුට චෝදනා එල්ල කර ඇත. හිටපු බංග්ලාදේශ ක්රීඩක නසීර් හුසේන් හා ශ්රී ලංකා පළමු පෙල ක්රීඩකයෙකු වූ සාලිය සමන් 2021 අබුඩාබි T10 තරගාවලියට අදාළ වැරදි ලැයිස්තුවක් සම්බන්ධයෙන් චෝදනා ලැබූවන් අතරට ඇතුළත්ය. තරග පාවාදීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් මොවුන්ටට චෝදනා එල්ල වී ඇත.
චෝදනා ලැබූවන් ලැයිස්තුව පහත පරිදිය.
ක්රිෂාන් කුමාර් චෞද්රි (කණ්ඩායමක සම හිමිකරුවෙක්)
පාරග් සන්ගවී (කණ්ඩායමක සම හිමිකරුවෙක්)
අෂාර් සයිඩි (පිතිකරණ පුහුණුකරුවෙක්)
රිස්වාන් ජාවෙඩ් ( ක්රීඩකයෙක්)
සාලිය සමන් (ශ්රී ලංකා ක්රීඩකයෙක්)
සනී ඩිලොන් (සහාය පුහුණුකරුවෙක්)
නසීර් හුසේන් (බංග්ලාදේශ ක්රීඩකයෙක්)
ෂඩාබ් අහමඩ් (කණ්ඩායම් කළමනාකරුවෙක්)[/vc_column_text][/vc_column][/vc_row]