ශිව දෙවියන්ගේ තේමාවෙන් ක්‍රිකට් ක්‍රීඩාංගණයක්

[vc_row][vc_column][vc_column_text]

ශිව දෙවියන් ගේ තේමාව යටතේ නව ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ඉදිකිරීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා මුල්ගල තබා තිබෙනණය බරණැස නගරයේ ඉදිකිරීමට නියමිතය. ලොව ක්‍රීඩාංගනයේ සණයේ සඳහා ඇස්තමේන්තුගත වියදම ඉන්දීය රුපියල් කෝටි හාරසිය පනස් එකක් පමණ වේ.

ඉන් කෝටි එකසිය විසි එකක් ඉඩම වෙනුවෙන් ද ඉතිරි ඉන්දීය රුපියල් කෝටි 330 ක මුදල ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් ද වෙන් කොට තිබෙනවා. මෙම ක්‍රීඩාංගනයේ එහි ප්‍රේක්ෂක ධාරිතාව ආසන්න වශයෙන් තිස් දහසක් පමණ වන ආකාරයෙන් සැලසුම් කොට ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

මෙහි වහලය අඩසඳ හැඩැති ආවරණ වලින්ද, විදුලි ආලෝක කණු ත්‍රිශූලයක හැඩයෙන් ද යුතුව නිර්මාණය කිරීමට නියමිතය. ශිව දෙවියන්ගේ තේමාවට අනුකූලව සියලුම ඉදිකිරීම් සැලසුම් කොට ඇත. මෙම ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් කටයුතු 2025 වසරේ දෙසැම්බර් වන විට වන විට අවසන් කිරීමටයි සැලසුම් කොට ඇත්තේ.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top