[vc_row][vc_column][vc_column_text]දකුණු ආසියාවේ ක්‍රියාශීලීම ජනතාව බවට ශ්‍රී ලාංකේයන් පත් කිරීමේ අරමුණ පෙරදැරිව ගමන් කරන මා අද (06) ට යෙදෙන සංවර්ධනය හා සාමය සඳහා වූ ජාත්‍යන්තර ක්‍රීඩා දිනය නිමිත්තෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරනුයේ ඉමහත් සතුටිනි.
තිරසර සංවර්ධනය සහ මානව හිමිකම් දියුණුව වෙනුවෙන් සංවර්ධනය හා සාමය සඳහා වූ ජාත්‍යන්තර ක්‍රීඩා දිනයක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ප්‍රකාශයට පත්කරනු ලැබුවේ 2013 වසරේ දී ය.
එතැන් පටන් සෑම වසරකම අප්‍රේල් 06 වැනිදා සංවර්ධනය හා සාමය සඳහා ක්‍රීඩාවේ දායකත්වය සුවිශේෂී වැදගත්කමකින් සිහිපත් කිරීම සිදුවේ.
මුළු ලොවම කොවිඩ්-19 වසංගතයෙන් පීඩාවට පත්ව සිටින මෙවැනි කාලවකවානුවක ක්‍රීඩාවේ වැදගත්කම අන් කවරදාටත් වඩා මිනිස් හදවත් තුළට කා වැදෙනු ඇති බව මාගේ විශ්වාසයයි.
එකට එක්ව නැවත අපි ක්‍රීඩා කරමු යැයි ලොවම අද එක් ප්‍රාර්ථනාවකට පැමිණ ඇත්තේ ඒ නිසාය.
ක්‍රීඩාවට ආදරය කරන ශ්‍රී ලාංකේයන් සියලු දෙනා සමඟ අපි කල්තබා ඊට මුල පිරුවෙමු.
ඒ නිසා එල්.පී.එල් තරගාවලියේ පටන් විවිධ ක්‍රීඩා තරගාවලි සංවිධානය කරමින් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව යමින් දේශීය ක්‍රීඩාව රැකගැනීමට මා ඇතුළු තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශයේ සියලුදෙනා කැපවූහ.
වසංගත තත්ත්වයෙන් හා ඉන් ඔබ්බට සමාජය යථා තත්ත්වයට පත්වීමේ දී ක්‍රීඩාවේ ස්ථානය නැවත තහවුරු කිරීම සහ ජනතාව තුළ සමානාත්මතාවය, සහයෝගිතාව සහ කණ්ඩායම් හැඟීම වර්ධනය කිරීම එහි අරමුණ විය.
ශාරීරික ක්‍රියාකාරකම් ඔස්සේ මානසික යහපැවැත්ම උදා කරමින් සෞඛ්‍ය සම්පන්න පුරුදු ශ්‍රී ලාංකේයන් අතර දිරිමත් කිරීමට අපි කැපවී සිටිමු.
ක්‍රීඩාවට අමතරව සෑම මසකම අවසන් සෙනසුරාදා පැවැත්වෙන ස්වේච්ඡා දිනයට මේ වනවිට රටපුරා ලක්ෂයකට අධික තරුණ තරුණියෝ සහ දෙමව්පිය වැඩිහිටි පිරිසක් එක්ව සිටිති.එම පිරිස තවත් ඉහළ යනු ඇතැයි අපගේ අපේක්ෂාවයි.
අනාගතය භාර ගන්නා දරුවන් වෙනුවෙන් ක්‍රියාශීලී දිවි පෙවෙතක් නිර්මාණය කිරීම අප සැමගේ වගකීමකි.
සමාජ වගකීම ඉටු කරන තරුණ පරපුරක් ඔස්සේ රටේ සංවර්ධනය මෙන්ම සාමය සුරක්ෂිත වනු දැකීම අද දිනයේ මාගේ ප්‍රාර්ථනාවයි.[/vc_column_text][/vc_column][/vc_row]