සජීව වීරකෝන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස පත්කෙරේ.

[vc_row][vc_column][vc_column_text]හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සජීව වීරකෝන් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බංගලාදේශ සංචාරය වෙනුවෙන් දඟ පන්දු පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ එතරම් ප්‍රචලිත නොවුවත් සජීව විසින් පළමු පෙළ තරඟ 192 කට ක්‍රීඩා කර කඩුලු 816ක් දවාගැනීමට සමත්ව තිබෙනවා. වමත් දඟ පන්දු යවන්නෙක් වන ඔහු මේ වන විට 43 වැනි වියේ පසුවනවා.

ගෙවුණු කාලසමය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමට ස්ථාවර දඟ පන්දු පුහුණුකරුවෙක් නොසිටි අතර සජීව මහතාගේ පත්වීම බංගලාදේශ සංචාරයෙන් පසුවත් යොදාගන්නවාද නැද්ද යන්න පිළිබඳව මෙතෙක් වාර්තා වී නැහැ.

කෙසේ නමුත් ඔහු අද අලුයම ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ බංගලාදේශය බලා පිටත් වුණු අතර දඟ පන්දු යවන්නන්ට තරමක් උචිත බංගලාදේශ තණතීරු තුළ ඔහිගේ සහය ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට වඩාත් ප්‍රයෝජනවත් වනු ඇති අපි අපේක්ෂා කරනවා.

Creeda Sports Network[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top