සමස්ත ලංකා නෙට්බෝල් තරගාවලිය කල් යයි

67 වන Eva සමස්ත ලංකා නෙට්බෝල් තරගාවලිය නොවැළැක්විය හැකි හේතුවක් මත කල් දැමීමට තරග සංවිධායකයන් තීරණය කොට ඇත. ඒ අනුව තරගාවලිය එළඹෙන පෙබරවාරි මස තෙක් කල් දැමීමට සිදු වී ඇත.

මින් පෙර තරගාවලිය ජනවාරි මස 13 හා 14 යන දෙදින තුළදී පැවැත්වීමට සැලසුම් කොට තිබුණි. නමුත් ඇති වී තිබෙන තත්වය හේතුවෙන් තරගාවලිය පෙබරවාරි මස 10 හා 11 යන දෙදින තුළදී පැවැත්වෙයි. මෙවර තරගාවලිය කොළඹ 2 පිහිටි ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

දින දෙකෙහිම පෙරවරු 8ට තරග ආරම්භ වන අතර පස්වරු 6 තෙක් තරග පැවැත්වෙයි. තරගාවලියට අදාළ කණ්ඩායම් දිනුම් ඇදීම එළඹෙන පෙබරවාරි මස 7 වනදා පැවැත්වෙනු ඇත.

Back To Top