සල්පිටි රයිගම් කෝරල සටන ජය පැරදුමෙන් තොරව නිමවෙයි

[vc_row][vc_column][vc_column_text]මෙවර අන්තර් පාසැල් මහා ක්‍රිකට් තරග සදහා ආරම්භයක් ලබා දෙමින් පිළියන්දල මධ්‍ය විද්‍යාලය සහ හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය අතර පැවැති මහා ක්‍රිකට් තරගය ජය පරාජයෙන් අවසන් වුණා. තරගය හැදින්වෙන්නේ සල්පිටි රයිගම් කෝරළ සටන ලෙසයි. මෙවර 19 වැනි වරට සංවිධාන කෙරුණු තරගය දින 2 ක් පුරා පැවැත්වුණේ මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය පළමු ඉනිමට ලකුණු 164 ක් රැස් කළා. එරංග ජයකොඩි ලකුණු 55 යි. පන්දු යැවීමේදී උෂාන් දීමන්ත ලකුණු 51 කට කඩුලු 7 ක් බිද හෙලුවා. පිලිතුරු ලෙස පිළියන්දල මධ්‍ය විද්‍යාලය පළමු ඉනිමට කඩුලු 7 ක් දැවී ලකුණු 247 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා. සිතුම් විමලක ලකුණු 72 යි. අශේන් රොඩ්‍රිගෝ ලකුණු 59 ක් රැස් කළා. පන්දු යැවීමේදී සසන්ක අදීප කඩුලු 3 යි. තරගය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි හොරණ තක්ෂිලා විද්‍යාලය කඩුලු 9 ක් දැවී ලකුණු 99 ක් ලබා සිටියා. කේෂාන් දිල්මිත් ලකුණු 39 යි. පන්දු යැවීමේදී චමෝද් සදරු සහ සනුද සත්සර කඩුලු 4 බැගින් බිද හෙලුවා. ඒ අනුව තරගය නිමා වුණේ ජය පරාජයෙන් තොරවයි[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top