සහෝදරයින්ගේ සටන ජය පැරදුමකින් තොරව අවසන්

[vc_row][vc_column][vc_column_text]කොළඹ ඉසිපතන සහ තර්ස්ටන් විද්‍යාල අතර වාර්ෂික මහා ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා. සහෝදරයින්ගේ සටන ලෙස හැදින්වෙන තරගය මෙවර සංවිධාන කර තිබුණේ 57 වැනි වරටයි. තරගය කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

පළමුවෙන් පන්දුව‌ෙ පහර දුන් ඉසිපතන විද්‍යාලය පළමු ඉනිමට ලකුණු 210 ක් රැස් කළා. සවිදු උත්සර ලකුණු 70 ක් රැස් කළ අතර ලෙෂාන් අමරසිංහ ලකුණු 65 යි. පන්දු යැවීමේදී බවන්ත ජයසිංහ කඩුලු 4 ක් බිද හෙලුවා. පිලිතුරු ලෙස තර්ස්ටන් විද්‍යාලය පළමු ඉනිමට සදහා කඩුලු 9 ක් දැවී ලකුණු 284 ක් ලබා සිටියදී ඉනිමට අත්හිටුවනු ලැබුවා. බවන්ත ජයසිංහ ලකුණු 137 යි.

පිලිතුරු ලෙස ඉසිපතන කණ්ඩායම දෙවැනි ඉනිමට කඩුලු 4 ක් දැවී ලකුණු 205 ක් ලබා සිටියදී තරගය නිමා වුණා. ඉසිපතන විද්‍යාලය වෙනුවෙන් රවිදු රත්නායක ලකුණු 87 ක් රැස් කළා. තරගයේ වීරයා තර්ස්ටන් විද්‍යාලයේ බවන්ත ජයසිංහ.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top