අන්තර් පාසල් රග්බි තරගාවලියේ තවත් තරග කිහිපයක් ඊයේ දිනයේදී පැවැත්විණි. එම තරග අඅතුරින් කැපී පෙනෙන තරගය බවට පත් වූයේ සාන්ත පීතර විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය අතර තරගයයි. මෙම තරගයේදී ලකුණු 112-0ක් ලෙසින් අති විශිෂ්ට ජයක් හිමිකරගැනීමට සාන්ත පීතර විද්‍යාලයීය කණ්ඩායම සමත් විය.
ඔවුන් මෙම තරගයේ පළමු අර්ධය තුළදී උත්සාහක දිනුම් 9ක් සහ ප්රවර්ථන 5ක් සමගින් ලකුණු 55-0ක් ලෙසින් පෙරමුණ හිමිකරගැනීමට සමත් විය. දෙවන අර්ධය තුළදී තවත් උත්සාහක දිනුම් 9ක් සහ ප්රවර්ථන 6ක් සාර්ථක කරගනිමින් තරගයේ ජයග්‍රහණය හිමිකරගැනීමට සාන්ත පීතර විද්‍යාලයීය රග්බි ක්‍රීඩකයන් සමත් විය.
ඊයේ දිනයේ දී පැවති තරග අතුරින් මහනුවර සුමංගල විද්‍යාලයට එරෙහිව ලකුණු 50-3ක් ලෙස විශිෂ්ට ජයක් හිමිකරගැනීමට කොළඹ ඉසිපතන විද්‍යාලය සමත් විය. මහනුවර සාන්ත අන්තෝනි ක්‍රීඩකයන්ට එරෙහිව ලකුණු 27-14ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට විද්‍යා විද්‍යාලයීය රග්බි කණ්ඩායමට හැකිවිය.
මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය ලකුණු 60-5ක් ලෙසින් පරාජයට පත් කරන්නට කොළඹ රාජකීය විද්‍යාලය සමත් වද්දී ලකුණු 44-12ක් ලෙසින් මහනුවර ධර්මරාජ විද්‍යාලය පරාජයට පත් කරන්නට කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලය සමත් විය. තවද ඊයේ දිනයේ දී පැවති තරග අතුරින් ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව ලකුණු 31-8ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ත්‍රිත්ව විද්‍යාලය සමත් වූ අතර සහිරා විද්‍යාලයීය කණ්ඩායම පරාජයට පත් කරමින් ලකුණු 14-21ක් ලෙසින් ජයග්‍රහණය ලබන්නට වෙස්ලි විද්‍යාලයීය ක්‍රීඩකයන්ට හැකිවිය.