සාග් පෙර දැක්ම – 1984 පළමු දකුණු ආසියානු ක්‍රීඩා උළෙල

[vc_row][vc_column][vc_column_text]දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නොහොත් සාෆ් තරඟාවලියේ අතීතය පිළිබඳව පලකරන ලිපි පෙළෙහි මේ පළමු සටහනයි.

පළමු දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ආරම්භය 1984 වර්ෂය දක්වා දිව යයි..1984 වර්ෂයේ සැප්තැම්බර් මස 17 වන දා සිට 23 දක්වා පළමු දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නේපාලයේ කත්මණ්ඩු නුවර කේන්ද්‍ර කොටගෙන රටවල් 7 ක සහභාගීත්වයෙන් ආරම්භ විය. ශ්‍රී ලංකාව , ඉන්දියාව පාකිස්ථානය , බංග්ලාදේශය , නේපාලය , භූතානය හා මාලදිවයින යන රටවල් හත තරගාවලිය වෙනුවෙන් සහභාගි විය.

තරගාවලිය සමාරම්භක උළෙල සැප්තැම්බර් මස 17 වනදා නේපාලයේ බිරේන්ද්‍ර රජුගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය..
තරගාවලියේ ක්‍රීඩා 5ක් වෙනුවෙන් රටවල් එකිනෙක හා තරඟ වැදුණු අතර මෙම තරඟාවලියට අන්තර්ගත වූ ක්‍රීඩා වන්නේ මළල ක්‍රීඩා , බොක්සිං , පිහිනුම් , පාපන්දු හා බර ඉසිලීම වේ.

රන් පදක්කම් 44 ක් දිනාගනිමින් ඉන්දියාව පළමු දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ආධිපත්‍ය පැතිර වූ අතර ඔවුන්ගේ දී පදක්කම් 28ක් හා ලෝකඩ පදක්කම් 16ක් සමගින් මුළු පදක්කම් 88 ක් දිනා ගැනීමට සමත් විය.

තරගාවලියේ දෙවැනි ස්ථානය හිමිකර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් 7ක් රිදී පදක්කම් 11 ක් ලෝකඩ පදක්කම් 19ක් හිමිකර ගැනීමට සමත්විය…ශ්‍රී ලංකාව දිනාගත් මුළු පදක්කම් සංඛ්‍යාව 37කි..

රන් පදක්කම් 5ක් සමගින් මුළු පදක්කම් 10ක් ලබාගත් පාකිස්තානය තෙවන තැනටත් විශිෂ්ඨ තරග විලාශයක් නිරූපණය කරමින් සත්කාරක නේපාලය රන් පදක්කම් 4ක් රිදී පදක්කම් 12 ක් හා ලෝකඩ පදක්කම් 8ක් සමගින් මුළු පදක්කම් 24ක් දිනා ගැනීම කැපී පෙනුණි.

මේ අනුව තරගාවලිය පුරා රන් පදක්කම් 62ක් රිදී පදක්කම් 62ක් හා ලෝකඩ පදක්කම් 61ක් ලෙස පුහුණු පදක්කම් 185 ක් රටවල් හතක් පුරා බෙදී ගොස් තිබුණි…

මීළඟ තරඟාවලි 1985දී ඩකා නුවරදී පැවැත්වීමට තීරණය විය

 

– චානක මධුසාගර -[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top