[vc_row][vc_column][vc_column_text]ආසියානු කුසලාන තරගාවලිය දෙවන තරගය අද දිනයේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. දිවා රාත්‍රී තරගයක් ලෙසින් පැවති මෙම තරගයේදී ශ්‍රී ලංකාව සමගින් තරග බිමට අවතීර්ණ වූයේ බංග්ලාදේශයයි.
තරගයේ කාසිය වාසිය ජයග්‍රහණය කළ බංග්ලාදේශ නායක ශකිබ් අල් හසන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ප්‍රභල ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම ආබාධයන්ට ලක්වීම හමුවේ අද තරගයට ශ්‍රී ලංකාව අවතීර්ණ වූයේ වෙනස්කම් කිහිපයක් සමගිනි. තරගයේ දෙවන පන්දුවාරයේ පටන්ම ප්‍රතිවාදී කඩුලු දඩයම් කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්කම් දැක්වීය. බංග්ලාදේශ මුල් කඩුලු 3 ලකුණු 36ක් තුළදී බිදවැටුනද සිව්වන කඩුල්ලට ලකුණු 59ක් එක් කරන්නට ෂැන්ටෝ හා හ්රිඩ්රොයි සමත් විය. හ්රිඩෝයි ලකුණු 20ක් රැස්කොට සිටියදී කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකරගන්නට නායක දසුන් සමත් විය.
ලබාදුන් උඩපන්දුව අතහැරීමේ ආදීනව ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට පසක් කරමින් සිය එක්දින දිවියේ සිව්වන අර්ධශතකය වාර්තා කිරීමට නජිමුල් ෂැන්ටෝ අද දිනයේ සමත් විය. ඔහු පන්දු 122කදී හතරේ පහර 7ක් සමගින් අගනා ලකුණු 89ක් රැස්කළේය. බංග්ලාදේශ අවසන් පිතිකරුවන් පස්දෙනාටම ලකුණු 10 සීමාව ඉක්මවන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ නොතැබීය. පන්දුවාර 42 පන්දු 4ක් අවසානයේ සියලු ක්‍රීඩකයන් දැවී බංග්ලාදේශය රැස්කළේ ලකුණු 164ක් පමණි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මතීෂ පතිරණ ලකුණු 32කට කඩුලු 4ක් දවාගිනිද්දී මහීෂ් තීක්ෂණ ලකුණු 19ක් පමණක් ලබාදෙමින් කඩුලු 2ක් දවාගත්තේය.
පහසු ඉලක්කය වෙනුවෙන් පිටියට පිවිසෙන ශ්‍රී ලංකා පිළේ ආරම්භක පිතිකරු යුගලය ලකුණු 15ක් වන විට ක්‍රීඩාගාරයට හරවා යවන්නට බංග්ලාදේශ පන්දු යවන්නට හැකිවිය. කුසල් මෙන්ඩිස්ගේ ඉනීම ලකුණු 5කට සීමා වද්දී පල්ලෙකැලේ තණතීරුවේ සාර්ථක සබඳතාවක් ගොඩනගන්නට සදීර හා චරිත් වගබලාගත්හ. ඔවුන් දෙදෙනා සිව්වන කඩුල්ලට ලකුණු 78ක සබඳතාවක් ගොඩනගන්නට විය. එක්දින දිවියේ සිව්වන අර්ධ ශතකය වාර්තා කළ සදීර හතරේ පහර 6ක් සමගින් ලකුණු 54ක් රැස්කළේ ශ්‍රී ලංකා පිළ ජයග්‍රාහී මාවතට අවතීර්ණ කරමිනි. චරිත් අසලංක සිය එක්දින දිවියේ නවවන අර්ධ ශතකය වාර්තා කරමින් නොදැවී ශ්‍රී ලංකා පිළ ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් විය. පන්දුවාර 39ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේ ආසියානු කුසලාන තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබාගනිමිනි. නොදැවී පන්දුවට පහර දුන් චරිත් අසලංක හතරේ පහර 4ක් හා හයේ පහරක් සමගින් ලකුණු 62ක්ද,නායක දසුන් ශානක ලකුණු 14ක්ද රැස්කළහ.
බංග්ලාදේශය – 164/10 නජ්මුල් ෂැන්ටෝ 89(122), ,ටවුහිඩ් හ්රිඩෝයි 20(41) මතීෂ පතිරණ 4/32, මහීෂ් තීක්ෂණ 2/19
ශ්‍රී ලංකාව – 165/5 චරිත් අසලංක 59*, සදීර සමරවික්‍රම 54 ශකිබ් අල් හසන් 2/29[/vc_column_text][/vc_column][/vc_row]