සිල්වර්වුඩ් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුුණුකරු ලෙසින් කටයුතු කළ ක්‍රිස් සිල්වර්වුඩ් මහතා එම තනතුරින් ඉල්ලා අස්වී තිබේ. පෞද්ලික හේතූන් මත තමා එම තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ඒ මහතා සඳහන් කර සිටියි.

“ජාත්‍යන්තර මට්ටමේ පුහුණුකරුවකු වෙනවා කියන්නේ ආදරණීයයන්ගෙන් දිගු කාලයක් ඈත්ව සිටීමයි. මගේ පවුලේ් උදවිය සමග දැඩි සංවාදයකින් පසු මේ තීරණය ගත්තේ .මම නැවත ගෙදර ගිහිල්ලා ඔවුන් සමඟ හොඳ කාලයක් ගත කරන්න කාලය එළැඹ තියෙනවා“ යැයි සිල්වර්වඩු සඳහන් කර සිටියි.

“මම ශ්‍රී ලංකාවේ කටයුතු කරපු කාලය තුළ මට ලබා දුන් සහයෝගයට ශ්‍රී ලංකා ක්‍රිකට් කලමනාකාරීත්වයට, පුහුණුකරුවන් සහ කාර්යය මණ්ඩලයට මම ස්තූතිවන්ත වනවා. ඔබේ සහයෝගය නොමැතිව කිසි දෙයක් සාර්ථකව සිදුකරගන්නට බැහැ“ යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියි.

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ් සාමාජිකයෙකු වීමට ලැබීම මට සැබෑ ගෞරවයක්. මම මෙයින් බොහෝ සොඳුරු මතකයන් රැගෙන යනවා“ යැයි සිල්වර්වුඩ් පවසයසි.

සිල්වර්වුඩ්ගේ සේවා කාලය තුළදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2022 වසරේ පැවැති ආසියානු කුසලාන තරගාවලියේ ශූරතාවත් 2023 වසරේ පැවැති එක්දින ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයටද සුදුසුකම් ලබා ගැනීමට සමත්විය. ඊට අමතරව ශ්‍රී ලංකාවේ මෙන්ම එතෙරදී පැවැති ද්වී පාර්ශ්වික තරගාවලිවලද ජයග්‍රහණයන් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සිල්වර්වඩුගේ පුහුණුකාරීත්වය යටතේ හැකියාව ලැබිණ, ඒ අතර බංග්ලාදේශයට එරෙහිව ඔවුන්ගේ රටේ ලද ටෙස්ට් තරග ජය මෙන්ම ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාවේ පැවැති එක්දින තරගාවලියද කැපී පෙනෙයි.

Back To Top