හර්ෂිතාගෙන් ශතකයක් පැතුම්ගෙන් අර්ධ ශතකයක්.ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ළකුණු 249ක ජයක්. පිරිමි කණ්ඩායම ළකුණු 173කින් ජයගනී

[vc_row][vc_column][vc_column_text]දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරග අද දිනත් නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැත්වුණි. මගේ ශ්‍රී ලංකා කාන්තා වයස අවුරුදු 23 න් පහළ කණ්ඩායම හා මාලදිවයින කාන්තා කණ්ඩායම් අතර පැවැති තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මාලදිවයින් ක්‍රීඩිකාවන්ට දරුණු ප්‍රහාරයක් එල්ල කරමින් සිය පන්දුවාර 20 දී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 279ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට සමත් වූහ.

කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළ මාලදිවයින කාට් කණ්ඩායමට කිසිදා අමතක නොවන ප්‍රහාරයක් එල්ල කළ ශ්‍රී ලංකා නායිකා හර්ෂිතා මාධවී හා සත්‍යා සන්දීපනී පන්දුවාර 15 කදී ලක්වූ 221ක වේගවත් සම්බන්ධතාවයක් තෙවන කඩුල්ල වෙනුවෙන් එක් කිරීමට සමත්වූහ. මෙහිදී නායකත්වයේ ඉනීමක් ක්‍රීඩා කළ හර්ෂිතා මාධවී පන්දු 47කදී ලකුණු 106ක් ලබා ගැනීමට සමත් වූවාය. ඒ සඳහා ඇය හතරේ පහර 15ක් හා දැවැන්ත හයේ පහර තුනක් අන්තර්ගත කොට තිබුණු අතර ඇයගේ පන්දුවට පහරදීමේ වේගය ලෙස 225.53ක් සටහන් විය. ඇයට අනගි සහායක් සහායක් ලබා දෙමින් අනික් අන්තයේ සිටි සත්‍යා සන්දීපනි පන්දු 48කදී ලකුණු 96ක් ලබා ගැනීමට සමත්වූ අතර අවාසනාවන්ත ලෙස ශතකය ලබා ගැනීමට ඇයට නොහැකිවූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසන්වූ හෙයිනි. ඇයගේ ඉනිමට හතරේ පහර 11ක් හා හයේ පහර 3ක් අන්තගත කොට තිබුණි. මෙම ලකුණු සංඛ්‍යාව කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ තෙවන වැඩිම ලකුණු සංඛ්‍යාව වන අතර තෙවන කඩුල්ල වෙනුවෙන් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව හා ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් කාන්තා ක්‍රිකට් 20-20 ඉතිහාසයේ පැවැත්වූ දෙවන හොඳම සම්බන්ධතාවය වේ.පිළිතුරු ඉනිම ක්‍රීඩා කල මාලදිවයින කාන්තා කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ළකුණු 30ක් පමණි. මේ අනුව මාලදිවයින පරදා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 249 ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා වයස අවුරුදු 23න් පහළ කාන්තා කණ්ඩායම 279 – 2 (20) හර්ෂිතා 106* ,

මාලදිවයින කාන්තා කණ්ඩායම 30 – 10(14.5) ජනාධි 2 -3

එසේම ශ්‍රී ලංකා වයස අවුරුදු 23න් පහළ පිරිමි කණ්ඩායම හා භූතාන කණ්ඩායම් අතර පැවැති තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේදි කඩුලු 4ක් දැවී දැවැන්ත ලකුණු 248 ක් ලබා ගැනීමට සමත් විය. මෙහිදී භූතාන කණ්ඩායමේ පන්දු යවන්නන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කළ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පන්දු 48කදී ළකුණු 78ක් ලබාගැනීමට සමත්වවූයේ හතරේ පහර 8ක් හා හයේ පහර 2ක් අන්තර්ගත කරමිනි. ඔහු සමගින් අනික් අන්තයේ රැඳී සිටි නිශාන් මධුසංඛ පන්දු 38කදී ළකුණු 65ක් ලබා ගනිමින් ආරම්භ කඩුල්ල වෙනුවෙන් ලකුණු 148ක් සම්බන්ධතාවයක් පැවැත්වීමට සමත්විය.

අනතුරුව කමිදු මෙන්ඩිස් නායක අසලංක හා උපනායක අශාන් පිළිවෙලින් වේගවත් ලකුණු 27 ක් හා ලකුණු 14 බැගින් ලබගැනීමට සමත්විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කල භූතාන කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 75 ක් පමණි.මේ අනුව ශ්‍රී ලංකා වයස අවුරුදු 23 න් පහළ කණ්ඩායම භූතානය පරදවා ලකුණු 173ක ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී ජෙහාන් ඩැනියල් හා සචිදු කොළඹගේ කඩුලු 2 බැගින් දවා ගන්නා ලදී.ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම පිට පිටම තරග දෙකක් ජයග්‍රහණය කොට සාග් රන් පදක්කම් සටය ඉදිරියෙන් පසුවේ.

ශ්‍රී ලංකා කණ්ඩායම 248 – 4 (20) නිස්සංක 76 , නිශාන් 65

භූතානය 75 – 10 ( 18.4) කොළඹගේ 6 – 2 , ඩැනියෙල් 8 – 2[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top