හලාවත මේරියන්ස් කණ්ඩායම අවසාන මහා තරඟය ජයගනී!

[vc_row][vc_column][vc_column_text]සීමිත පන්දුවාර 50 අන්තර් සමාජ තරඟාවලියේ අවසාන මහා තරඟය එන් සී සි සහ හලාවත මේරියන්ස් අතර SSC ක්‍රීඩාංගණයේ අද පැවතිඅතර තරඟයෙන් ලකුණු ජයක් වාර්තා කර තරඟාවලියේ ශූරතාවය දිනාගැනීමට සමත් විය.

කාසියේ වාසිය දිනූ එන් සී සි නායක ඇන්ජලෝ පෙරේරා ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කලත් ඔවුන් බලාපොරොත්තු වූ අයුරින් හලාවතකණ්ඩායමට පීඩනයක් එල්ල කිරීමට නොහැකි විය.

හලාවත මේරියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර පනහ අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 295ක් රැස් කලේ ඉතාමත් හොඳ අභියෝගයක් එන් සී සි කණ්ඩායමට ලබා දෙමිනි.

අර්ධ අවසන් පූර්ව තරඟයේ, අවසන් පූර්ව තරඟයේ මෙන්ම අවසාන මහා තරඟයේදීද ක්‍රියාත්මක වූ ඉන්දීය ක්‍රීඩක සමිත් ගාධිගන්කෝර්ලකුණු 79ක්ද ආර්. බුද්ධික ලකුණු 60ක්ද කමිදු මෙන්ඩිස් ලකුණු 44ක්ද රැස් කරමින් පිතිකරණ බලඇනිය ශක්තිමත් කලෝය.

නායක ශෙහාන් ජයසූරිය රැස් කලේ එක් ලකුණක් පමණි.

ශූරතාවය දිනාගැනීමේ අදිටනින් ලකුණු 296ක දැවැන්ත ඉලක්කය හඹා ගිය NCC කණ්ඩායමේ මුල් පෙල පිතිකරුවන් වන ලහිරු උදාරසහ පැතුම් නිස්සංක හොඳ ආරම්භයක් ලබාගෙන 119/2 වැනි ශක්තිමත් ස්ථානයකට කණ්ඩායම රැගෙන ආවද ඉන් පසු මැද පෙල සහපසු පෙල පිතිකරුවන්ට රිද්මය පවත්වාගෙන යෑමට නොහැකි වූ අතර සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 204ක් පමණි.

අවශ්‍යම මොහොතේ පන්දුවෙන් ක්‍රියාත්මක වූ ශෙහාන් ජයසූරිය සහ කමිදු මෙන්ඩිස් දඟ පන්දුවෙන් පිතිකරුවන් අසරණ කල අතර කඩුලු 3 බැගින් ඔවුන් දෙදෙනා දවා ගැනීමට සමත් විය.

ලකුණු සටහන

හලාවත මේරියන්ස් 295/8(50) – සමිට් ගාධිගන්කෝර් 79, ආර්. බුද්ධික 60, කමිදු මෙන්ඩිස් 44 , සචිදු කොලඹගේ 1/40, චාමික ගුණසේකර 67/2

එන් සී සි – 204/10 (43.3) ලහිරු උදාර 50, පැතුම් නිස්සංක 38 , ශෙහාන් ජයසූරිය 3/38 , කමිදු මෙන්ඩිස් 3/32[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top