හසිනි නොමැතිව ශ්‍රී ලංකාව හෙට ලෝක කුසලානෙට පිටත්ව යයි

[vc_row][vc_column][vc_column_text]දකුණු අප්‍රිකවේදී පැවැත්වෙන කාන්තා විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඇතුළත්ව සිටි හසිනි පෙරේරාට අවසන් මොහොතේදී කණ්ඩායමෙන් ඉවත්වීමට සිදුව තිබේ. ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කර ගනිමින් සිදුකරන ලද පුහුණුවීම් අතරතුරදී ඇය ආබාධයකට මුහුණ දීම එම තත්ත්වයට හේතුවී තිබේ.  

පන්දුවට පහර දෙමින් සිටින අතරතුරදී වම් අතේ මහපටැගිල්ලේ ආබාධයකට හසිනි මුහුණ දී සිටියි. මේ හේතුව නිසා හසිනිගේ ස්ථානය සදහා සත්‍යා සංදීපනීව අවසන් මොහොතේ කණ්ඩායම එක් කිරීමට තේරීම් වලදී පියවර ගෙනතිබේ.

අම්බලන්ගොඩ දේවපතිරාජ විදුහලින් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිස සිටින 23 හැවිරිදි සත්‍යාද ඉදිරි පෙළ පිතිකාරිණියක වන අතර අවශ්‍ය විටෙක මද වේග පන්දු යවන්නියක් ලෙසද කටයුතු කරන්නීය.

මේ හැරුණු විට චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතුව ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සඳහා අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායමේ නායිකාව ලෙසින් කටයුතු කරන ලද විශ්මි ගුණරත්න ද ඇතුළත්ව සිටියි. ඇය ලෝක කුසලාන තරගාවලියක් ක්‍රීඩා කරනු ලබන පළමු අවස්ථාව වශයෙන්ද මෙම තරගාවලිය ඉතිහාස ගත වනු ඇත. ඒ හැරුණු විට කෞෂිනී නුත්‍යාංගනා, මල්ෂා ෂෙහානි සහ තාරිකා සෙව්වන්දි ද ලෝක කුසලාන තරගාවලියකට ක්‍රීඩා කරනු ලබන්නේ පළමු වතාවටය.

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තා පිල පළමු කාණ්ඩයට ඇතුළත්ව සිටින අතර, ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව පළමු වටයේ ප්‍රතිවාදීන් බවට පත්ව සිටිති. මෙම තරගාවලියට පෙර ශ්‍රී ලංකා කාන්තා කන්ඩායමට පුහුණු තරග 2 කට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවන අතර අයර්ලන්තයට එරෙහිව  පෙබරවාරි 06 වැනිදාත්, බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව 08 වැනිදාත් තරග වැදීමට නියමිතය.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් තරගාවලිය පෙබරවාරි 10 වැනිදා ආරම්භ වන අතර පෙබරවාරි 12 වැනිදා බංග්ලාදේශයට එරෙහිවත්, පෙබරවාරි 16 වැනිදා ඔස්ට්‍රේලියාවට එරෙහිවත් සහ පෙබරවාරි 19 වැනිදා නවසීලන්තයට එරෙහිවත් තරග වදිනු ඇත. මූලික වටය යටතේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් සිටින කණ්ඩායම් දෙක බැගින් දෙවැනි වටය හෙවත් අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබනු ඇත. තරගාවලියේ අවසන් මහ තරගය පෙබරවාරි 26 වැනිදා කේප්ටවුන් නුවරදී පැවැත්වේ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හෙට (02 වැනිදා) දකුණු අප්‍රිකාව බලා පිටතව යනු ඇත. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – චමරි අතපත්තු (නායක), ඔෂධී රණසිංහ, හර්ෂිතා සමරවික්‍රම, සත්‍යා සංදීපනී, නිලක්ෂි ද සිල්වා, කවීෂා දිල්හාරි, අනුෂ්කා සංජීවනී, කෞෂානි නුත්‍යාංගනා, මල්ෂා ෂෙහානි, ඉනෝකා රණවීර, සුගන්දිකා කුමාරි, අචිනි කුලසූරිය, විශ්මි ගුණරත්න, තාරිකා සෙව්වන්දි, අමා කංචනා.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top