හිටපු ප්‍රබලයෙක් පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ අධ්‍යක්ෂක ධූරයට

හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මොහොමඩ් හෆීස්, පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කර තිබෙනවා. මොහොමඩ් හෆීස් පාකිස්තානය වෙනුවෙන් ටෙස්ට් තරග 55කට, එක්දින තරග 218කට සහ විස්සයි20 තරග 119කට ක්‍රීඩා කර ඇති අතර ලකුණු 12,780ක් ලබාගෙන කඩුලු 253ක් දවාගෙන තිබෙනවා.

හෆීස් මේ වන විට පාකිස්තාන ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ සාමාජිකයෙක් ලෙස කටයුතු කරන අතර, හෆීස් 2017 වසරේ එංගලන්තයේ පැවැති ICC ශූරයන්ගේ කුසලානය දිනාගත් පාකිස්තාන පිරිමි කණ්ඩායමේ සාමාජිකයෙක් ද විය.

පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් පාකිස්තාන පුහුණු කාර්ය මණ්ඩලය වෙනස් කර ඇත. ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත තරගමාලා සඳහා PCB විසින් නව පුහුණු කාර්ය මණ්ඩලය ප්‍රකාශයට පත් කරනු ඇත. මේ අතර වේගපන්දු පුහුණුකරු මෝර්නි මෝකල්ද පසුගියදා ඉල්ලා අස්වූ අතර නායක බාබර් අසාම් ද සියලුම ආකෘති වල නායකත්වයෙන් ඉල්ලා අස්විය. ඒ අනුව නව විස්සයි විස්ස නායකත්වය ශහීන් අෆ්‍රිඩිට ද ටෙස්ට් නායකත්වය ශාන් මසූඩ්ට ද පැවරී ඇත.

Back To Top