හෙට තරගයට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරණයේ වෙනසක්

එක්දින ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන අටවන තරගය හෙට දිනයේදී දිල්ලිහිදී පපැවැත්වීමට නියමිතය. ඒ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිවයි. බංග්ලාදේශය මේ වන විටත් ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වී ඇති අතර ශ්‍රී ලංකාවට තවදුරටත් බලාපොරොත්තු රදවා ගැනීමට අවස්ථාව පවතී.

හෙට දිනයේදී බංග්ලාදේශයට එරෙහි තරගය වෙනුවෙන් ආරම්භක පිතිකරු කුසල් ජනිත් කණ්ඩායමට කැඳවීමට නියමිතය. ඒ පෙර තරග දෙකෙහිදී දක්ෂතා අතරට පැමිණීමට අපොහොසත් වූ දිමුත් කරුණාරත්න වෙනුවටයි. ඒ අනුව හෙට දිනයේදී කුසල් පෙරේරා හා පැතුම් නිස්සංක ශ්‍රී ලංකා ඉනීම ආරම්භක කරනු ඇත.

Back To Top